Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ තුරග තරග පිටියේ දී අද (5 වැනිදා) පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා යුද හමුදාව සහ හැව්ලොක් කණ්ඩායම් අතර ”එ්” කොටසේ රග්බි තරගය පස්වරු 3.30 ට ආරම්භ විය. මෙම තරගය අද පස්වරු 4.00 ට ආරම්භකිරීමට නියමිතව තිබිණ.
තරගය පැයක් පමණ ඉක්මනින් ආරම්භ කරන්න යැයි ශී‍්‍ර ලංකා යුද හමුදා කණ්ඩායම ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සංවිධානයෙන් කළ ඉල්ලීම සලකා බලමින් මෙම තරගය වේලාසනින් ආරම්භ කිරීමට සංවිධායකයෝ තීරණය කළහ. යුද හමුදා පිලේ ඉල්ලීම වූයේ පවතින වැසිබර කාළගුණික තත්ත්වය හේතුවෙන් සවස 5.00 පසු වූ පසු තරග කිරීමට අපහසු බවයි.
හැව්ලොක් රග්බි කමිටුවේ සභාපති මයිකල් ජයසේකර මහතා එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ”රග්බි කියන්නේ ශීත ඍතුවේ, වැස්සේ කරන ක‍්‍රීඩාවක්. යුද හමුදා කණ්ඩායමට අªරේ ක‍්‍රීඩා කිරීමට අපහසු නම් අපේ හැව්ලොක් ක‍්‍රීඩා පිටියේ විදුලි ආලෝකය පාවිච්චි කරන්න පුළුවන්” යන්නයි.
කෙසේ වෙතත් වාද විවාද සහ විද්‍යුත් ලිපි රාශියක් යැවීමෙන් අනතුරුව තරගය නියමිත වේලාවට වඩා පැයක් ඉක්මණින් ආරම්භ කිරීමට හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ සභාපති ලාල් සිල්වා මහතා එකග විය.
මේ අතර ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සභාපති මේජර් ජෙනරාල් බී.එ් පෙරේරා මහතා පවසා සිටියේ නියමිත ක‍්‍රියා පටිපාටිය අනුගමනය කරන්නේ නම් තරගයේ සත්කාරක කී‍්‍රඩා සමාජය වශයෙන් සංවිධානයේ වෙනසක් කිරීමට තමන්ට පූර්ණ අයිතිය ඇති බවයි. විදුලි ආලෝකය මැද තරගය පැවැත්වුවහොත් ඒ වෙනුවෙන් රුපියල් 300,000 ට වැඩි මුදලක් වැයකිරීමට සිදුවන බවද මේජර් ජනරාල් බී. ඒ. පෙරේරා මහතා පැවසීය.
තවද, අද දින වැඩකරන දිනයන් බැවින් තරගය පස්වරු 3.30 ට ආරම්භ වූවොත් තරගය නැරඹීමට කැමති පිරිස එම වේලාව වනවිටත් කාර්යාල තුළ සිටීවි යන ප‍්‍රශ්නයද පැන නැගිණ.
කෙසේ වෙතත් අවසන් වරට සහභාගි වූ තරග දෙකම ජයගත් හැව්ලොක්ස් පිලත් තරගාවලිය මුලදී අසාර්ථක වූ නමුත් අනතුරුව පැවැති තරග වලදී ලබාගත් ජයග‍්‍රහණ වැලත් හේතුවෙන් උද්දාමයට පත්ව සිටින යුද හමුදා පිලත් අතර තියුණු තරගයක් අද දිනයේ දැකබලාගත හැකිය.
065
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.