Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමයේ ‘ඒ’ කාණ්ඩයේ විනිසුරු මඩුල්ල නියෝජනය කළ ඞී. නිමල් සහ ප‍්‍රදීප් ප‍්‍රනාන්දු යන විනිසුරුවන් ඉවත් කිරීමට රග්බි විනිසුරුවන්ගේ කමිටුව තීරණය කර තිබේ.
‘බී’ කාණ්ඩයේ විනිසුරු මඩුල්ල නියෝජනය කළ එස්. බී. මඩුගල්ල සහ රොහාන් ප‍්‍රනාන්දු යන මහත්වරු ‘ඒ’ කාණ්ඩයේ විනිසුරු මඩුල්ලට උසස් කර තිබේ.
නව ‘ඒ’ කාණ්ඩයේ විනිසුරු මඩුල්ලට විනිසුරුවන් හය දෙනකු ඇතුළත්ව සිටින අතර මෙවර පළමු කොටසේ තරගාවලියේදී ප‍්‍රධාන විනිසුරුවන් සහ පැති විනිසුරුවන් ලෙස මෙම විනිසුරුවෝ පමණක් කටයුතු කරති.
ඞී. නිමල් සහ ප‍්‍රදීප් ප‍්‍රනාන්දු යන විනිසුරුවන් දෙදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්වීම නිසා ‘ඒ’ කාණ්ඩයෙන් ඉවත්කර ඇති අතර පසුගිය තරගාවලි වලදී ඇතැම් විනිසුරුවන් ශාරීරික යෝග්‍යතා පරික්‍ෂණය අසමත්ව සිටියදී ද විනිසුරුවන් ලෙස කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබ`දව කළ විමසුමකදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ විනිසුරුවන් පුහුණුකිරීමේ නිලධාරී ජාත්‍යන්තර රග්බි විනිසුරු ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ රග්බි ක‍්‍රීඩා කළ අත්දැකීම් ඇති විනිසුරුවන් ‘ඒ’ කාණ්ඩයට ගෙන එමින් හො`ද සේවයක් දීමට අවශ්‍ය පහසුකම් සැළසීම තම කමිටුවේ අරමුණ බවයි.
‘‘විනිසුරුවන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉතාමත් වැ`දගත් ඒ නිසා අපි ඒ විනිසුරුවන් වෙනුවට වෙනත් විනිසුරුවන් දෙදෙනකු ඇතුළත් කළා’’ යැයි ප‍්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.
‘ඒ’ කාණ්ඩයේ නව විනිසුරු මඩුල්ල:
ඉර්ෂාඞ් කාදර්, රොහාන් ප‍්‍රනාන්දු, ප‍්‍රියන්ත ගුණරත්න, එස්. බී. මඩුගල්ල, ඩින්කා පීරිස් සහ අරුණ රන්කොත්ගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.