Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේදී කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (01) පැවැති තරගයෙන් ගල්කිස්ස විද්‍යා විද්‍යාල ක‍්‍රීඩකයෝ ලකුණු 24-22 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ.
තරගය ආරම්භයේ සිටම තියුණු ස්වරූපයක් ගත් අතර විද්‍යා විද්‍යාලය නිරන්තරයෙන් පෙරමුණේ පසු විය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-12 ක් ලෙස විද්‍යා විද්‍යාලය පෙරමුණේ සිටියේය. ජයග‍්‍රාහි විද්‍යා විද්‍යාලය ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු ලැබූ අතර ශාන්ත පීතර විදුහලට ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
ශාන්ත පීතර විදුහල ලකුණු 22-19 ක් ලෙස පෙරමුණේ සිටියද තරගය අවසන් වීමට මිනිත්තුවක් ඉතිරිව තිබියදී විද්‍යා විද්‍යාලය සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමග ජයග‍්‍රාහිව පෙරමුණට පැමිණියේය.
විද්‍යා විද්‍යාල සහ ඉසිපතන විදුහල අතර අවසන් පූර්ව තරගය මේ මස 6 වැනිදා කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය. අන්තර් පාසල් වයස 20 න් පහළ තරගාවලියක් වන මෙම තරගාවලිය මයිලෝ සමාගමේ අනුග‍්‍රහයෙන් පාසල් රග්බි සංගමය සංවිධානය කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.