Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීයයෝ අවසන් මහ තරගයට

රාජකීයයෝ අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ කොළඹ රාජකීය විදුහල අද (03) සමත් විය.

රාජකීය විදුහල් රග්බි පිටියේදී අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 24-15 කින් ලීග් අනු ශූරයන් වන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කිරීමට සමත් වූහ.

ජයග්‍රාහි රාජකීය විදුහල් පිල ගෝල 3 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස් කළේය. සාන්ත තෝමස් විදුහල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලැබීය.

තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර එහි ප්‍රතිඵලයෙන් පළමු අර්ධය අවසන් වන විට ලකුණු පුවරුව 10-10 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.

දෙවැනි අර්ධයේ 8 වැනි සහ 13 වැනි මිනිත්තුවලදී අෂ්මීර් ෆජුඩීන් සහ නිකිල ගුණධීර සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙක ඔයින් ඇස්කි ගෝල බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 24-10 ක් ලෙස රාජකීය විදුහල පෙරමුණට පැමිණියේය.

සාන්ත තෝමස් විදුහලට දෙවැනි අර්ධයේ 17 වැනි මිනිත්තුවේදී මයොන් ජයවර්ධන එකතු කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු තත්ත්වය 24-15 ක් බවට පත්විය.

 තරගය ආරම්භ කර 5 වැනි මිනිත්තුවේදී වයිනේ මාර්ක් උත්සාහ දිනුම අසන්ත හේරත් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ ගෞරවය සාන්ත තෝමස් විදුහලට හිමිවිය.

රාජකීය විදුහලට 6 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර ඔවින් ඇස්කි සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 7-3 ක් බවට පත්විය. 25 වැනි මිනිත්තුවේදී අශෝක් විජේකුමාර් සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ඔවින් ඇස්කි අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමඟ ලකුණු 10-7 ක් ලෙස රාජකීය විදුහල පෙරමුණට පැමිණියේය.

සාන්ත තෝමස් විදුහලේ අසන්ත හේරත් 35 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඬුවම් පහරත් සමගින් ලකුණු පුවරුව 10-10 ලෙස සමවිය.
 
ඉසිපතන විදුහල සහ රාජකීය විදුහල අතර අවසන් මහ තරගය මේ මස 9 වැනිදා පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

රාජකීයයෝ අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.