Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය, මයිලෝ සමාගමේ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිමළු පිටුදැකීමේ රග්බි තරගාවලියේ (2014) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ අද (07) සමත් වූහ.
අවසන් මහ තරගය මෙවර ලීග් ශූරයන් වන ඉසිපතන විදුහල සහ රාජකීය විදුහල අතර මේ මස 13 වැනිදා කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය.
රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් රාජකීය විදුහල් පිල ලකුණු 30-29 ක තියුණු ජයක් ලැබීම කැපී පෙනුණි.
ත‍්‍රිත්ව විදුහල ලකුණු 29-23 ක් ලෙස ඉදිරියෙන් සිටියදී රාජකීය විදුහල් පිල අවසන් මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමග ජයග‍්‍රාහි ලෙස පෙරමුණට පැමිණියේය.
තරගය පුරාම ත‍්‍රිත්ව විදුහල පෙරමුණේ සිටි අතර පළමු අර්ධ අවසන් වන විට ලකුණු 13-9 ක් ලෙස ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ඉදිරියෙන් සිටියහ. ජයග‍්‍රාහි රාජකීය විදුහල ගෝල තුනකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු ලැබූ අතර ත‍්‍රිත්ව විදුහල ගෝල දෙකකින් සහ දඩුවම් පහර 5 කින් ලකුණු ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.