Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එළබෙන වසර දෙකක කාලය (2025-2026) සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරී මණ්ඩලය තෝරාගැනීම වෙනුවෙන් ක්‍රීඩා අමාතංශයේ ඩන්කට් වයිට් ශ්‍රවනාගාරයේදී අද (8 වැනිදා) පැවැති නිලවරණයේදී සභාපති ධූරය සඳහා පවිත්‍ර ප්‍රනාන්දු මහතා වැඩි ඡන්ද 18 කින් තේරී පත්විය. මුළු ඡන්ද 54 න් 36 ක්ම තමන් සතුකර ගනිමින් පවිත්‍ර මහතා සභාපති ධූරයට පත්වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ලසිත ගුණරත්න මහතාට එහිදී ලබාගත හැකි වූයේ ඡන්ද 18 ක් පමණි.
කොළඹ රාජකීය විදුහලෙන් රග්බි ක්‍රීඩාවට පිවිසි පවිත්‍ර මහතා, පසු කළෙක සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයත්වයද දැරීය. මින් පෙර ශ්‍රී ලංකා රග්බි සංගමයේ විධායක කමිටු (2021-2022) සාමාජිකයකු ලෙස කටයුතු කළ හෙතෙම, මෑතකදී පිහිටුවන ලද ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන්ගේ සංගමයේ ආරම්භක සභාපතිවරයාද වේ.
සභාපති ධූරය හැරුණුකොට මෙවර නිලවරණයේදී ඡන්දයක් පැවැතියේ භාණ්ඩාගාරික ධූරය සඳහා පමණක් වන අතර සෙසු සියලුම තනතුරු සඳහා නිලධාරීහූ නිතරගයෙන් පත්වූහ. එහිදී නෝමල් ඒකනායක මහතා (ඡන්ද 36) භාණ්ඩාගාරික ධූරය සඳහා තේරී පත් වූයේද වැඩි ජන්ද 18 කින් හිරුණිකා බාලසූරිය මහත්මිය (ඡන්ද 18) පරාජය කරමිනි.
සංගමයේ නියෝජ්‍ය සභාපති ධූරයට ශානිත ප්‍රානාන්දු මහතාද, උප සභාපති ධූරයට චින්තක පෙරේරා මහතාද, ලේකම් ධූරයට සුබාෂ් ජයතිලක මහතාද නිතරගයෙන් තේරී පත් වූහ. කාන්තා නියෝජනය සඳහා තිළිණි රංගනී සහ ක්‍රීඩක නියෝජනය සඳහා ස්ටෙෆාන් ග්‍රෙගරි යන මහත්ම මහත්මීන් පත් වූයේද නිතරගයෙනි.
ශ්‍රී ලංකා රග්බි සංගමයට නිලධාරීන් තෝරා ගැනීම සඳහා නිලවරණයක් පැවැතියේ වසර 5 කට පසුව වන අතර මින් පෙර අවසන් වරට ඒ සඳහා නිලවරණයක් පැවැත්වී තිබුණේ 2020 වසරේදීය. විනිසුරු ලලිත් ජයසූරිය, විනිසුරු නිමල් රණවීර, එම්.එම්. මොහොමඩ්, දිලුම් ජයරත්න සහ රිෆ්ඩි ෆාමි යන මහත්වරුන්ගෙන් සමන්විත නිලවරණ කමිටුවක අධීක්ෂණය යටතේ මෙවර රග්බි නිලවරණය පැවැත්විණ.
මෙම නිලවරණය පැවැත්වීමත් සමග ශ්‍රී ලංකා රග්බි සංගමය යළිත් වරක් ජාත්‍යන්තර තහනමකට ලක්වීමේ අවධානමෙන් මිඳුණු අතර දිගින් දිගමට කල් දැමුණු අයුරින් මෙවරද නිලවරණය කල් දැමුණි නම් යළිත් වරක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ තහනම් වීමට ඉඩ තිබිණ. නිලවරණය නිමා වූ වහාම ඒ පිළිබඳව සහ එහිදී තේරී පත්වූ නිලධාරීන් පිළිබඳව තොරතුරු සඳහන් කරමින් ලෝක රග්බි සංගමයේ ප්‍රධානී ඩේවිඩ් කැරිගි මහතා වෙත ලිපියක් යොමු කිරීමට ශ්‍රී ලංකා රග්බි ක්‍රියාකාරී කාර්ය බලකායේ සභාපති එම්.ආර්. ලතීෆ් මහතා පියවර ගෙන තිබුණේ ඒ හේතුවෙනි.
රග්බි සංගමයේ විධායක කමිටුව (2025-2026)
සභාපති - පවිත්‍ර ප්‍රනාන්දු මහතා
නියොජ්‍ය සභාපති - ශානිත ප්‍රානාන්දු මහතා
උප සභාපති - චින්තක පෙරේරා මහතා
ලේකම් - සුබාෂ් ජයතිලක මහතා
භාණ්ඩාගාරික - නෝමල් ඒකනායක මහතා
කාන්තා නියෝජනය - තිළිණි රංගනී මහත්මිය
ක්‍රීඩක නියෝජනය - ස්ටෙෆාන් ග්‍රෙගරි මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.