Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ඒ. ඒ. එම්. රියාස් මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. රියාස් මහතා පසුගිය මැයි මස අගදී වසර දෙකක කාලයක් සඳහා භාණ්ඩාගාරික ධූරයට පත්වූ අතර ඒ මහතා මාස තුනක් පමණක් කටයුතු කිරීම කැපී පෙනේ.
රග්බි ක්‍රීඩාවට ලැබුණේ යැයි කියන මුදල් පිළිබඳව මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්‍ෂණයක් සහ රග්බි සංගමයේ සේවය කරන්නේ යැයි කියන නිලධාරියකු සමඟ කටයුතු කිරීමේ අපහසුතාව මෙම ඉවත්වීමට හේතු වී ඇති බව රග්බි ක්ෂේත්‍රයේ කථා බහට ලක්ව තිබේ.
ඒ මහතා තනතුරෙන් ඉල්ලා අස්වන බව පසුගිය සතියේ රග්බි සංගමයේ විධායක කමිටුවට ලිඛිතව දන්වා ඇති බව වාර්තා වේ.
මෙම මන්ත්‍රීවරයා පිළිබඳව ක්‍රියාත්මක වන නීතිමය කටයුතුවලදී රග්බි සංගමයට පිළිතුරු සැපයීමට සිදුවුවහොත් භාණ්ඩාගාරිකවරයා එයට ඉදිරිපත්විය යුතු බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා රග්බි පිලේ හිටපු නායකයකුද වන මෙම මන්ත්‍රීවරයාට සම්බන්ධ ආයතනයකින් ශ්‍රී ලංකා රග්බි සංගමය විවිධ භාණ්ඩ ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලා ඇති බවත් වාර්තා වේ.
මේ පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියකු පැවසුවේ රියාස් මහතාට බැංකුවක උසස් තනතුරක් ලැබීම නිසා භාණ්ඩාගාරික ධූරයේ කටයුතු කිරීමට කාලය නොමැතිවීම නිසා ඉවත්වන බවත් ඒ සඳහා වෙනත් නිලධාරියකු පත්කරගන්නා ලෙස දන්වා ඇති බවයි.
“නීතිමය කටයුත්තක් ගැන ප්‍රශ්නයක් අපිට නෑ. තවම භාණ්ඩාගාරිකවරයකු පත්කරගෙන නෑ. ඒ නිසා රියාස් මහතා මේ දක්වා භාණ්ඩාගාරික ලෙස කටයුතු කරනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.