Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 20 න් පහළ රග්බි තරගාවලියේ ඇතැම් තරගවලදී සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති විනය පියවර ප්‍රමාණවත් නොවන බවට අගතියට පත් පාසල්වලින් පැමිණිළි ලැබුණ හොත් අන්තර්ජාතික රග්බි නීති රීතිවලට අනුව කටයුතු කිරීමේ අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
අන්තර්ජාතික රග්බි සංගමයේ නීති රීති මාලාවේ 18.1.1.‘බී’ වගන්තියට අනුව ශ්‍රී ලංකා රග්බි සංගමයට විශේෂ කමිටුවක් පත්කර පරීක්‍ෂණ පවත්වා දඩුවම් පැනවීමේ අවස්ථාව ඇති බව එම නිලධාරියා පැවසීය.
“මෙම සිද්ධීන්වලදී රග්බි ක්‍රීඩාවට හානියක් වනවා නම් අපිට කටයුතු කරන්න පු`ඵවන්. ඒ පිළිබඳව අගතියට පත්වූ පාසල් පැමිණිළි කළ යුතු වෙනවා. මේ වන විටත් එක පාසල් සිද්ධියක් සම්බන්ධයෙන් අපිට ලිඛිතව දැනුම් දී තිබෙනවා”
“අපේ සංගමයේ ඉදිරියේ පැවැත්වෙන විධායක කමිටුවේදී මේ පිළිබඳව සාකච්ඡා කර තීරණය කරනවා”
“නමුත් පාසල් රග්බි සංගමය පැවැත්වූ මෙවර තරගාවලියට අපෙන් අනුමැතිය ඉල්ලා නෑ. ඒ වගේම අපි අනුමැතිය දීලත් නෑ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ධර්මරාජ විදුහලට පනවා ඇති මාස 9 ක තහනම ලබන වසරේ මාර්තු මස 01 වැනිදා අවසන් වන අතර ඒ අනුව එම විදුහලට ලබන වසරේ 20 න් පහළ තරගාවලියේ පළමු කොටසේ කිසිදු බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබී තිබේ.
ශ්‍රී ලංකා රග්බි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ එම විදුහලට පනවා ඇති තහනම සෙස්සන් නොමග යැවීමට කළ පුහු දඩුවමක් බවයි.
“මේ වසරේ 20 න් පහළ රග්බි තරගාවලිය දැන් අවසන් වෙලා තියෙන්නේ. තරග නැති කාලයක තහනමක් පනවලා ඇති ප්‍රතිඵලය මොකක්ද?” යැයි පාසල් රග්බි නිලධාරියකු පැවසීය.
පාසල් රග්බි නිලධාරියකු පැවසුවේ මෙම පරීක්‍ෂණයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් තනතුරු දරන කීපදෙනකුගේ බලපෑම මත සැළසුම් සහගතව අදාල පාසලට අගතියක් නොවන තහනමක් පනවා ඇති බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.