Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අත්දැකීම් සහිත කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු කණ්ඩායමට ඇතුළත් නොවුණත් දක්ෂ නවක කී‍්‍රඩකයින් කීප දෙනෙකුම තමන් සතු බවත් කණ්ඩායම හොද පුහුණුවකින් තරගාවලියට අවතීර්ණ වන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ෆාසිල් මර්ජා පැවසීය.
පිලිපීනයේ පැවැත්වෙන ආසියානුිෆයිව් නේෂන් තරගාවලිය සදහා පිටත්වීමට පෙර පෙරේදා කිංග්ස්බර්ග් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී මර්ජා මෙම අදහස් දක්වා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට නිල ඇදුම් බෙදාදීම මූලික කරගනිමින් මෙම උත්සවය පැවැත්විණ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ කණ්ඩායම් නායක ෆාසිල් මර්ජා තරගාවලිය සදහා අපි සති තුනක පමණ කාලයක් පුහුණූවීම් කළා. අන්තර් සමාජ රග්බි තරගාවලිය. අවසන් වූ වහාම මෙම තරගාවලිය ආරම්භවීම අපිට වාසියක්. අත්දැකීම් සහිත කී‍්‍රඩකයන් කිහිප දෙනෙකු කණ්ඩායමට ඇතුළත් නොවුණත් දක්ෂ නවක කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුම ඇතුළත්ව සිටින නිසා කණ්ඩායමට එතරම් බලපෑමක් වෙයි කියල මම හිතන්නේ නෑ. ප‍්‍රතිවාදී කණ්ඩායම් ගත්තොත් අපි ඔවුන්ට වඩා ශරීර ප‍්‍රමාණයෙන් කුඩා වුවත් වේගය අතින් ඔවුන්ට වඩා ඉහළ තැනක සිටිනවා. ඒ නිසා තරගාවලියේදි අපි හො`දින් කී‍්‍රඩා කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.
තරගාවලිය සදහා සහභාගී වන 28 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පෙරේදා පිලිපීනය බලා පිටත් විය. මෙම සංචිතයට නවක කීඩකයන් කීප දෙනෙක් ඇතුළත් කර ඇත. ඒ අතර හැව්ලොක් කී‍්‍රඩා සමාජයේ ගනුක දිසානායක, දුලාජ් පෙරේරා, ජේසන් මෙල්ඩර්, මහනුවර කී‍්‍රඩා සමාජයේ බුවනෙක උඩන්ගමුව, සී. ආර්. ඇන්ඞ් එෆ්. සී කී‍්‍රඩා සමාජයේ කාංචන රාමනායක. යුද හමුදා කී‍්‍රඩා සමාජයේ රන්දික අල්විස්, නාවික හමුදා කී‍්‍රඩා සමාජයේ දුලංජන විජේසිංහ ඒ අතර කැපී පෙනෙන කී‍්‍රඩකයෝ වෙති.
ශ්‍රී ලංකා කණ්ඩයමේ පුහුණුකරු ලෙස දකුණු අපි‍්‍රකානු ජාතික ජොහාන් ටේලර් මහතා කටයුතු කරයි. මහනුවර කී‍්‍රඩා සමාජයේ කලක් ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ටේලර් අන්තර් ජාතික රග්බි කම්ටුවේ තෙවැනි මට්ටමේ පුහුණූකරුවෙකි.
තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග හෙට (6 වැනිදා) ආරම්භ වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එදින කසකස්තානය සමග තරග වැදීමට නිවමිතය.
මෙම අවස්ථාවට ජාතික රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාද සහභාගී විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.