Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය සදහා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට තමන් දැනට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සංචාරක හා කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය සදහා අතුරු පාලන කමිටුවක් පත් කිරීම පිළිබඳව මේ දින වල ඇතිවී තිබෙන කතා බහ පිළිබඳ විමසීමකදී ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත් රගිබි කී‍්‍රඩාවට අතුරුපාලක කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු ප‍්‍රකාශ කළේ රග්බි සංගමයට අතුරු පාලන කමිටුවක් පත්කළහොත් එය රග්බි කී‍්‍රඩාවේ තත්ත්වය පහළ දැමීමට හේතුවක් වනු ඇති බවයි.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා
''අපි මේ සංගමය බාරගනිද්දි සංගමයේ මුදල් මිලියන 10 - 20 අතර ප‍්‍රමාණයන් තිබුණා. නමුත් අපි ඒ තත්ත්වය නැති කරල වර්තමානයේදී සංගමයේ මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 50 කට වඩා වර්ධනය කරලා තිබෙනවා. ඒ වගේම සංගමයේ අය වැයත් මේ වසර 03 ක කාලය තුළදී රුපියල් මිලියන 08කින් පමණ වර්ධනය වෙලා තියෙනවා. අනිත් කාරණය අපේ අනුග‍්‍රාහකත්වයත් වැඩිවෙලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. ඒ වගේම කී‍්‍රඩකයන්ගේ දක්ෂතා ගත්තත් අද අපි රග්බි ක‍්‍රීඩාවෙන් ආසියාවේ තෙවැනි හා සිව්වැනි ස්ථානවල සිටිනවා. ඒ නිසා අතුරු කමිටුවක් පත් කරන එක මම දකින විදිහට ඉතාම නරක දෙයක්.” යනුවෙන් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.