Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි නිලධාරීන් නිතරගයෙන්

රග්බි නිලධාරීන් නිතරගයෙන්

Nisanka Sandeepani - 2018 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තනතුරු සියල්ල සඳහා නිතරගයෙන් නිලධාරීන් පත්වන ලකුණු පහළ කරමින් ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණයේ නාමයෝජනා බාරගැනීම නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ රග්බි ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය චරිතයක් බවට පත්වී සිටි අසංග සෙනෙවිරත්න මහතාගේ වසර 6ක රග්බි සභාපතිත්වය මේ මස 30 වැනිදා පැවැත්වෙන රග්බි සංගමයේ මහ සභා රැස්විමේදී නිමාවට පත්වනු ඇත. 

වත්මන් උපසභාපති ලසිත ගුණරත්න මහතා මෙවර නිලවරණයේදී සභාපතිධුරයට නාමයෝජනා බාරදුන් අතර ඔහු සභාපති තනතුර සඳහා නිතරගයෙන් පත්වනු ඇත. පළමුවරට එක්වී ඇති නියෝජ්‍ය සභාපතිධුරය සඳහා කලක් ලේකම්වරයා ලෙස කටයුතු කළ රිස්ලි ඉල්යාස් මහතා නාමයෝජනා බාරදී ඇති අතර ඔහු ද නිතරගයෙන් පත්වනු ඇත. 

මෙතෙක් කාලයක් එක් උපසභාපතිවරයකු පත්වූ රග්බි සංගමය සඳහා මේ වසරේ සිට උපසභාපතිධුර දෙකක් ස්ථාපිත කර තිබේ. ඉන් එක් උපසභාපතිධුරයකට වත්මන් ලේකම් නසිම් මොහොමඞ් මහතා පත්වී ඇත. අනික් උපසභාපතිධුරය ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයට පිරි නමා ඇත්තේ පසුගිය මාසයේ සිදුවූ රග්බි සංගමයේ ව්‍යවස්ථා සංශෝධනයට අනුවය. 

රග්බි සංගම් නිලවරණයේදී නිලධාරී මණ්ඩලය තීරණය කෙරෙන ප්‍රධානතම සාධකය බවට පත්වී තිබෙන්නේ බස්නාහිර රග්බි සංගමය මෑතකදී මේ නිලවරණය සඳහා යෝජනා කරනු ලැබූ නිලධාරී මණ්ඩලයයි. 

රග්බි නිලවරණයේදී ලේකම් ධුරය සඳහා හැව්ලොක් ක්‍රීඩා සමාජයේ තුසිත පීරිස් මහතා සහ භාණ්ඩාගාරික තනතුර සඳහා වෘත්තීය ගණකාධිකාරිවරයකු වන දිනේෂ් පෙරේරා මහතා නිතරගයෙන් පත්වනු ඇත.

 


අදහස් (0)

රග්බි නිලධාරීන් නිතරගයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.