Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන දෙසැම්බර් මස මැලේසියාවේදී පැවැත්වෙන ආසියානු වයස 19 න් පහළ රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල තේරීම සඳහා නම් කර ඇති 39 දෙනකුගෙන් යුත් මූලික සංචිතයට කොළඹ ඉසිපතන විදුහලේ ක්‍රීඩකයෝ 8 දෙනෙක් ඇතුළත්ව සිටිති.
මෙම සංචිතයට මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ 7 දෙනෙක්ද ඇතුළත්ව සිටිති. ඊට අමතරව ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් යන විදුහල්වලින් ක්‍රීඩකයන් හතර දෙනා බැගින් සංචිතයට ඇතුළත් කර ඇත.
මෙම සංචිතයේ පුහුණුවීම් මේ වන විට ආරම්භ කර ඇති අතර මේ මස අවසානයේ අවසන් සංචිතය තේරීමට නියමිත බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියෙක් පැවසීය. වයස 19 න් පහළ කොළඹ පිල සහ මහනුවර පිල අතර පසුගියදා හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයෙන් පසුව ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව මෙම සංචිතය නම් කළේය.
ආසියානු වයස 19 න් පහළ රග්බි තරගාවලිය දෙසැම්බර් මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා ක්වාලාම්පූර්හිදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ රග්බි සංචිතය:
විගීෂ වීරසිංහ, අදීෂ ඒෂාන්, කුෂාන් ඉඳුනිල්, ළහිරු විශ්වජිත්, ඉසුරු උදයකුමාර, ගයාන් වික්‍රමරත්න, හරිත් බණ්ඩාර, රනිඳු ප්‍රමෝද් පද්මසංඛ (ඉසිපතන විදුහල), එස්. කවිෂ්ක (මහනුවර කිංග්ස්වුඞ් විදුහල), උදය සංජුල (මොරටුව වේල්ස් කුමර විදුහල), නිකිල ගුණදීර, අශෝක් විජයකුමාර (කොළඹ රාජකීය විදුහල), නිරෝෂ් පෙරේරා, ජනිත් ලක්සර, තනුජ මධුරංග, සුපුන් ඩිල්ෂාන් (ගල්කිස්ස විද්‍යා විද්‍යාලය), පී. දුල්ෂාන්, ඩී. අමරසිංහ, සමුයිල් මධුවන්ත (කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල), රුමේෂ් ප්‍රියංකර (කොළඹ ශාන්ත ජෝශප් විදුහල), රවීන් යාපා, සන්දේෂ් ජයවික්‍රම, රොමේෂ් ප්‍රනාන්දු (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල), දනුජ විජේරත්න, අෂ්වින්ත හේරත්, පන්දුල ද සිල්වා, නවීන් හේනකම්කානමගේ (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල), ශාලින්ද්‍ර අලහකෝන්, රාහුල් කරුණාතිලක, අවීෂ ප්‍රියංකර, ශවීන් ඒකනායක, ලක්‍ෂාන් විජේසූරිය, අනුක බෝයගොඩ, ගේෂාන් පෙතියාගොඩ (මහනුවර ත්‍රිත්ව විදුහල), එච්. ප්‍රනාන්දු (මහනුවර විද්‍යාර්ථ විදුහල), ශයාන් සාබර්, දේශාන් විමුක්ති, අවන්ත ලී (කොළඹ වෙස්ලි විදුහල) සහ ඒ. වජීඞ් (මරදාන සහිරා විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.