Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදාව - නාවික හමුදාව හෙට ගැටෙති
අන්තර් සමාජ රග්බි ලීගය

යුද හමුදාව - නාවික හමුදාව හෙට ගැටෙති

editorial - 2022 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 7 වැනි සතිය ආරම්භ කරමින් යුද හමුදාවට එරෙහිව නාවික හමුදාව හෙට (4 වැනිදා) පස්වරු 4.00 ට කොළඹ ‍හැව්ලොක් පිටියේදී තරග බිමට පිවිසීමට නියමිතය. මෙවර තරගාවලියේදී නාවික හමුදාව සහභාගි වන 7 වැනි තරගය මෙය වන අතර ‍යුද හමුදාව සහභාගි වන 5 වැනි තරගය මෙය වනු ඇත.

මේ දක්වා තරග 6 කට සහභාගි වී ඇති නාවික හමුදාව ඉන් තරග 2 ක් ජයගෙන, 4 ක් පරාජය වී තිබේ. එහිදී ප්‍රසාද ලකුණු 3 ක්ද සමග ලකුණු 13 කට හිමිකම් කියන නාවිකයෝ ලකුණු සටහනේ ‍පසුවැනි ස්ථානයේ පසුවෙති. මෙම තරගය ජයගැනීමට සමත් වුවහොත් ඔවුන්ට ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට අවස්ථාව උදාවනු ඇත.

ලකුණු සටහනේ පතුළටම ඇද වැටී සිටින යුද හමුදාව මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති අතර ඉන් තරග 3 ක් පරාජය වී, සෙසු තරගය ජය පැරදුමෙන් තොරව නිමා කරගෙන සිටියි. ඒ අනුව ප්‍රසාද ලකුණක්ද සමග ඔවුන්ට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 4 කි. ලකුණු සටහනේ ඉදිරියට පැමිණීම සඳහා ‍ඔවුන්ට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.

මෙම තරගාවලියේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමග පැවැති තරගය ලකුණු 16-16 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කරගත් යුද හමුදා ක්‍රීඩකයෝ, ඉන් අනතුරුව හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 36-14 ක් ලෙසද, ගුවන් හමුදාව හමුවේ ලකුණු 12-05 ක් ලෙසද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 33-23 ක් ලෙසද පරාජයට පත්වූහ.

මෙතෙක් පැවැති තරගවලදී පොලිසියට එරෙහිව ලකුණු 12-00 ලෙසද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 18-13 ලෙසද ජය වාර්තා කිරීමට නාවික හමුදා ක්‍රීඩක‍යෝ සමත් වූහ. එහෙත් හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ 21-05 ක් ලෙසද, මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 35-30 ක් ලෙසද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 28-22 ක් ලෙසද, ගුවන් හමුදාව හමුවේ ලකුණු 12-10 ක් ලෙසද ඔවුහු පරාජයට පත්වූහ.  

 


අදහස් (0)

යුද හමුදාව - නාවික හමුදාව හෙට ගැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.