Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර පිලට 49 - 17 ක පහසු ජයක්
අන්තර් සමාජ රග්බි

මහනුවර පිලට 49 - 17 ක පහසු ජයක්

editorial - 2025 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් කුසලාන රග්බි තරගමාලාව යටතේ මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවතිි මහනුවර ක්‍රීඩා සමාජ පිලත් පොලිස් ක්‍රීඩා සමාජ පිලත් අතර තරඟයෙන් ලකුණු 49-17 ක පහසු ජයක් වාර්තා කිරීමට ප්‍රබල මහනුවර පිල සමත් විය.

මෙම තරඟයේ ප්‍රථම අර්ධය නිමාවනන විට ලකුණු 17-10 ක් වශයෙන් ඉදිරියෙන් සිටීමට පොලිස් පිලට හැකිවීම විශේෂ සිදුවීමක් විය.

කෙසේ නමුත් දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමග ප්‍රතිවාදීන්ට එරෙහිව අනුකම්පා විරහිත ක්‍රීඩා විලාශයක නිරත වූ මහනුවර ක්‍රීඩකයෝ තම ලකුණු සීමාව කිසිදු අවස්ථාවක ප්‍රතිවාදීන්ට ආක්‍රමණය කිරීමට ඉඩ නොතබා උත්සාහක දිනුම් 07 ක් වාර්තා කිරීමට සමත් වූහ.

ජයග්‍රාහී මහනුවර මහනුවර පිල ගෝල දිනුම් 02 ක් සහ උත්සහක දිනුම් 07 ක් මගින් ලකුණු රැස්කළ අතර පොලිස් පිල ගෝල දිනුම් 02 ක් සහ දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු රැස් කළේය. මෙම තරඟයේදී මහනුවර පිලට දක්ෂ ප්‍රවර්තකයෙකුගේ අවශ්‍යතාවය  මැනවින් කැපී පෙනුන අතර ඔවුන්ගේ උත්සහක දිනුම් 07 ක්ම ප්‍රවර්තනය කර ගැනීමට නොහැකි වූ අතර ඉන් පිලට අහිමි වූ ලකුණු සංඛ්‍යාව 14 කි.

මෙම තරඟය ප්‍රථම අර්ධය නිමා වීමට විනාඩියක් පමණ තිබියදී පොලිස් ක්‍රීඩක බංකුව අසල රැඳී සිටි එම කණ්ඩායම සමඟ පැමිණ සිටි ආධාර කරුවන් පිරිසක් පැති විනිසුරුවරයාගේ රාජකාරියාට බාධාවන අයුරින් හැසිරීම හේතුවෙන් එම පැති විනිසුරුවා ප්‍රධාන විනිසුරුවරයාට ඒ බව පැමිණිලි කිරීමෙන් පසු සියලු විනිසුරු වරුන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීම හේතුවෙන් තරඟය විනාඩි 15 කට පමණ කාලයකට තරගය නතර කිරීමටට සිදුවිය. කෙසේ නමුත් තරග කොමසාරිස්වරයා පොලිස් පිලේ ඉහළ නිලධාරීන් සහ මහනුවර ක්‍රීඩා සමාජයේ නිලධාරීන් පිටියට පැමිණ තත්ත්වය සමනය කිරීමෙන් අනතුරුව තරඟය නැවත ආරම්භ කළේය.

ජයග්‍රාහි මහනුවර පිල වෙනුවෙන්  ඒකනායක සහ කවිඳු පෙරේරා උත්සාහක දිනුම් දෙක බැගින්ද ධනුෂ්ක දන්ගේ, දහම් වික්‍රමආරච්චි, ඩිල්ෂාන් පරීඩ්, කෙනුල හෙට්ටිආරච්චි සහ ආසිරි සෙනෙවිරත්න යන ක්‍රීඩකයෝ එක් උත්සහක දිනුම බැගින් ද වාර්තා කළේය.

තරඟ විනිසුරු වශයෙන් කැලුම් සඳරුවන් මහතා කටයුතු කළේය.


අදහස් (0)

මහනුවර පිලට 49 - 17 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.