ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලියේ පළමු සතිය යටතේ රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී ඊයේ (01) පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩා සමාජය ලකුණු 78-9 කින් සත්කාරක ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් විය.
ජයග‍්‍රාහි මහනුවර පිල ගෝල 9 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස්කර ගත්තේය. ගුවන් හමුදා පිලට දඩුවම් පහර 3 කින් ලකුණු එකතු විය.
පළමු අර්ධය අවසන් වන විට මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 47-6 කින් පෙරමුණේ පසු වූහ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.