Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. මේ දක්වා තරග දෙකකට සහභාගි වී ඇති ඔවුන් ප්‍රසාද ලකුණද සමග එම තරග දෙකම ජයගනිමින් මේ වන විට ලබා සිටින ලකුණු සංඛ්‍යාව 12 කි.
පළමු සතියේදී ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 34-12 ක ජයක් ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි සතියේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 39-03 ක ජයක් ලබමින් තවදුරටත් පෙරමුණ තහවුරු කරගත්හ. වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (5 වැනිදා) පැවැත්වෙන තරගයකදී නාවික හමුදාවට එරෙහිව මහනුවර කණ්ඩායම සිය තෙවැනි තරගයට සහභාගී වීමට නියමිතය.
මෙතෙක් සහභාගී වූ තරග දෙකේදී මහනුවර ක්‍රීඩා සමාජයේ තරින්ද රත්වත්තේ උත්සාහක දිනුම් 4 ක්, ප්‍රවර්ථන 7 ක් සහ දඬුවම් පහර 3 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින මහනුවර කණ්ඩායමේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් 4 ක් සමග රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 20 කි.
මහනුවර ක්‍රීඩා සමාජයට වඩා එක් ලකුණක් පසුපසින් සිටින හැව්ලොක් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවේ. මේ දක්වා සහභාගි වූ තරග දෙකම ජයගැනීමට හැව්ලොක් ක්‍රීඩකයන් සමත් වුවද, ඔවුන්ට ප්‍රසාද ලකුණ ලබාගත හැකි වූයේ ඉන් එක් තරගයකදී පමණි. නාවික හමුදාවට එරෙහිව ලකුණු 21-05 ක ජයක් ලැබූ හැව්ලොක් ක්‍රීඩකයෝ, යුද හමුදාවට එරෙහිව පැවැති තරගය ජයගත්තේ ලකුණු 36-12 ක් ලෙසිනි.
එහිදී සන්දේෂ් ජයවික්‍රම ප්‍රවර්ථන 7 ක් සහ දඬුවම් පහරක් සමග ලකුණු 17 ක් රැස්කළ අතර අස්මීර් ෆාජුඩීන් උත්සාහක දිනුම් 3 ක් සමග ලකුණු 15 ක් රැස්කළේය. ඒ අනුව ඔවුන් දෙදෙනා තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි සහ පස්වැනි ස්ථානවල රැදී සිටිති. එම ලැයිස්තුවේ සිවුවැනි ස්ථානය හිමිව ඇත්තේ ප්‍රවර්ථන 2 ක් සහ දඬුවම් පහර 4 ක් සමග ලකුණු 16 ක් ලබා සිටින ගුවන් හමුදාවේ නුවන් පෙරේරාටය.
නාවික හමුදාව සහ ගුවන් හමුදාව තමන් සහභාගි වූ තරග දෙකෙන් එක් තරගය බැගින් ජය ලබා ලකුණු 5 බැගින් ලබා සිටිති. එහෙත් ලබාගත් ලකුණු සහ ලබාදුන් ලකුණු අතර පරතරය අනුව නාවික හමුදාවට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයත්, ගුවන් හමුදාවට එහි සිවුවැනි ස්ථානයත් හිමිව තිබේ. තරගයක් ජයගෙන, තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගත් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව පිළිවෙලින් එහි පස්වැනි සහ හයවැනි ස්ථානවල පසුවෙති.
සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ ඩියාන් සබාර් සහ නාවික හමුදාවේ දිනේෂ් ලක්මාල් මෙම සති දෙක තුළ පැවැති තරගවලදී රතු කඩ්පත් ලැබූහ. එහිදී ඩියාන් සබාර් සහ සී.ආර්. ක්‍රීඩා සමාජයේ අචිත රදීෂාන් කහ කාඩ්පත් දෙක බැගින්ද, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ජනිඳු යසස්, සන්දේෂ් ජයවික්‍රම, මිතුන් හපුගොඩ, මතීෂ සරත්චන්ද්‍ර, සී.ආර්. ක්‍රීඩා සමාජයේ සුදර්ශන මුතුතන්ත්‍රි සහ යුද හමුදාවේ ලසන්ත කුමාර යන ක්‍රීඩකයෝ කහ කඩ්පත බැගින්ද ලැබූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.