Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි ජයත් ලබති
අන්තර් සමාජ ලීග් රග්බි

මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි ජයත් ලබති

editorial - 2022 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.එච්. ඇන්ඩ් එස්.සී. ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර අද (30 වැනිදා) නිත්තවෙලදී පැවැති තරග‍යෙන් ලකුණු 39-03 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මෙවර තරගාවලියේදී මහනුවර ක්‍රීඩා සමාජය ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය‍.

දඬුවම් පහර 2 ක් සමග ලකුණු රැස්කළ මහනුවර ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 06-03 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. සී.එච්. ක්‍රීඩා සමාජය පළමු අර්ධයේදී ලකුණු රැස්කළේද දඬුවම් පහරක් සමගිනි. මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරින්ද රත්වත්තේද (8 වැනි සහ 29 වැනි විනාඩිවලදී), සී.එච්. ක්‍රීඩා සමාජය වෙනුවෙන් තේනුක නානායක්කාරද (11 වැනි විනාඩියේදී) එම දඬුවම් පහර සාර්ථක කරගත්හ.

දෙවැනි අර්ධයේදී සී.එච්. කණ්ඩායමට ලකුණු ලබාගැනීමට කිසිදු ඉඩක් ලබා නොදුන් මහනුවර ක්‍රීඩක‍යෝ, එහිදී සිය අණසක පතුරවමින් ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුම්ක් සමග තවත් ලකුණු 33 ක් රැස්කළහ. එහිදී තරින්ද රත්වත්තේ උත්සාහක දිනුම් 3 ක්ද, ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් 2 ක්ද ලබාගත් අතර ඉන් 4 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේද තරින්ද රත්වත්තේ විසිනි.

තරගයේ 45 වැනි විනාඩියේදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ශ්‍රීනාත් සූරියබණ්ඩාර පළමු උත්සාහක දිනුම ලබාගත් අතර තරින්ද රත්වත්තේ පිට පිටම උත්සාහක දිනුම් තුන ලබාගත්තේ 54 වැනි, 59 වැනි සහ 75 වැනි විනාඩිවලදීය. තරගය නිමා වීමට විනාඩි 3 ක් ඉතිරිව තිබියදී එනම් 77 වැනි විනාඩියේදී ශ්‍රීනාත් සූරියබණ්ඩාර දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

සී.එච්. ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක සුදර්ෂණ මුතුතන්ත්‍රි තරග‍යේ 72 වැනි විනාඩියේදී විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පතක් ලැබීය. මෙම තරගය තුළදී මහනුවර කණ්ඩායම ක්‍රීඩක අ‍ාදේශ කිරීම් 8 ක්ද, සී.එච්. කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 7 ක්ද සිදු කළහ.  

 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.