Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බහරේන් පාපන්දු රග්බි කණ්ඩායම හා පෆින් රග්බි පාපන්දු කණ්ඩායම අතර අද (29) පැවති සුහද රග්බි තරගය ලකුණු 38-22ක් ලෙස ජය ගැනීමට බහරේන් රග්බි කණ්ඩායම සමත් විය.
කොළඹ සී.ආර් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී, සාර්ථක ආරම්භයක් ලබා ගත් පෆින් කණ්ඩායම තරගය ආරම්භයේදිම උත්සාහක දිනුමක් හා ප්‍රවර්තනයක් සමග ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය.
බහරේන් කණ්ඩායම ද තරගය ආරම්භ වී විනාඩි 15ක් යාමට මත්තෙන් උත්සාහක දිනුමක් සමග ලකුණු ලබා ගැනිම ආරම්භ කළේය. එවිට ලකුණු සටහනේ 7-5 ක් ලෙස පෙරමුණේ පසු වූයේ පෆින් කණ්ඩායමයි. නමුත් ඉන් අනතුරුව පළමු අර්ධය නිමා වන තුරුම කිසිසේත් ලකුණු අතරට ඒමට පෆින් කණ්ඩායමට ඉඩ නොදුන් බහරේන් කණ්ඩායම ලකුණු 31-12ක් ලෙස පෙරමුණේ පසු විය.
නැවතත් දෙවන කාර්තුවේදී ක්‍රියාත්මක වූ පෆින් කණ්ඩායම උත්සාහක දිනුමක් සමගින් ලකුණු ඇරඹුවද, ඔවුන්ට ලැබුණු ප්‍රවර්තන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි විය.
තරගය නිමා වීමට විනාඩි 10ක් තිබියදී, කණ්ඩායම් දෙකම කරට කර ගැටුනද පෆින් කණ්ඩායමට කිසිසේත් හිස එසවීමට අවස්ථාවක් නොදී සම්පූර්ණයෙන්ම තරගය බහරේන් කණ්ඩායම වෙත හරවා ගත්තේය.
ඊයේ (28) දිනයේ ශ්‍රී ලංකා පොලිසිය හමුවේ බහරේන් කණ්ඩායම පරාජය වුවත් අද එයින් උපරිම ඵල නෙලා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි. ඒ අනුව අද පැවති තරගයෙන් ලකුණු 38-22ක් ලෙස තියුණු ජයක් ලැබූ බහරේන් කණ්ඩායම, මෙය තරගයකට වඩා සුහදත්වය වර්ධනය කිරීමේ වැඩසටහනක් ලෙස පෙන්වා දුන්නේය.
මෙම තරගයේ විශේෂත්වය වූයේ බහරේන් කණ්ඩායම තුළ ශ්‍රී ලාංකීක ක්‍රීඩකයන් තිදෙනෙකුද ක්‍රීඩා කිරීමය. එනම් චානක ප්‍රසාද්, තුවාන් බූරා සහ ෆයිහාස් ෆයියෝක් ය. ඔවුන්ගේද ප්‍රධාන සහය ඇතැතිව මෙම තරග දෙක නිමාවට පත් වු අතර ශ්‍රී ලංකාව හා බහරේන් අතර මිත්‍රත්වය ද තවත් වර්ධනය විය.
මෙම තරගයේ තරග විනිසුරුවන් ලෙස දිල්රෝයි ප්‍රනාන්දු, ඩී නිමල් හා රොහාන් ඇඩම් යන මහත්වරු කටයුතු කළහ.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.