Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby බහරේන් පිල ශ්‍රී ලංකාවේ

බහරේන් පිල ශ්‍රී ලංකාවේ

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුහද රග්බි තරග දෙකක් සඳහා බහරේන් රග්බි පාපන්දු කණ්ඩායම දිවයිනට පැමිණ සිටී. බහරේන් රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම අතර පැවැත්වෙන සුහද තරගය කොළඹ  පොලිස් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි. දෙවැනි තරගය ඉරිදා (හෙට) ග්‍රිෆින් කණ්ඩායමට එරෙහිව පොලිස් පිටියේදීම පැවැත්වේ.

“අප ශ්‍රී ලංකා වෘත්තිකයන් වන තුවාන් බූරා සහ චානක ප්‍රසාද් යන අයගේද සහය ඇතිව සෙනසුරාදා දිනයේදී කේරී විද්‍යාලයේදී පුහුණු සැසියක්ද පවත්වනවා. ඒ වගේම අවුරුදු 12 පහළ සහ 14න් පහළ දරුවන් සදහා කුඩා තරගාවලියක්ද ඉරිදා දිනයේදී පවත්වනවා” යයි බහරේන් රග්බි සංගමයේ සභාපති මයික් කැනින්හැම් මහතා පවසා සිටියේය.

“මෙය වාර්ෂික සංචාරයක් සදහා වන උක්සාහයක ආරම්භයක් බව මා දන්නවා. එහෙත් අපගේ සාමාජිකයන් සහ සෙසු අය අපගේ ශ්‍රී ලාංකීක ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට උපකාර කළ ආකාරය ගැන මම ඉතා ආඩම්බර වෙනවා” යයිද ඔහු පවසා සිටියේය.

තරග කිරිම පමණක් නොව ශ්‍රී ලංකාවේ සුන්දරත්වයේ අසිරිය විඳීමත් අරමුණු කරගනිමින් පැවැත්වෙන සංචාරයට බහරේන් ක්‍රීඩකයෝ 64 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.


 - 024


අදහස් (0)

බහරේන් පිල ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.