Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැයි මස 30 වැනිදාට යෙදී ඇති ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණයේදී සභාපති අපේක්ෂකයා ලෙස රග්බි ආයතනයේ වත්මන් උපසභාපති ලසිත ගුණරත්න මහතා නම් කිරීමට බස්නාහිර පළාත් රග්බි සංගමය ඊයේ තීරණය කළේය.
හැව්ලොක් ක්‍රීඩා සමාජ ශාලාවේ පැවැති එම සංගමයේ රැස්වීමේදී මෙවර රග්බි නිලවරණයේ දී සභාපති තනතුරට ලසිත් ගුණරත්න මහතාගේ නමත්, රග්බි ආයතනයේ වත්මන් සභාපති අසංග සෙනෙවිරත්න මහතාගේ නමත් යෝජනා වූ නමුත් ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේදී ගුණරත්න මහතාට ඡන්ද 16 ක්ද සෙනෙවිරත්න මහතාට ඡන්ද 8 ක්ද හිමිවිය. ඒ අනුව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ මීළඟ සභාපති තනතුර සඳහා වැඩි ඡන්ද 8 ක් ලබාගත් ලසිත ගුණරත්න මහතා නිර්දේශ කිරීමට බස්නාහිර පළාත් රග්බි සංගමය තීරණය කළේය.
පළාත් රග්බි සංගම් අතරින් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ඇති බස්නාහිර පළාත් රග්බි සංගමය නිර්දේශ කරනු ලබන අපේක්ෂකයන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ තනතුරුවලට පත්වීමේ වැඩි ඉඩකඩක් පැවතීම සාමාන්‍යය තත්ත්වයකි.
වසර හයක පමණ කාලයක් සභාපතිධුරයේ පසුවූ අසංග සෙනෙවිරත්න මහතා මෙවර නිලවරණයේදී තනතුරෙන් ඉවතට විසිවනු ඇතැයි වැඩිදෙනෙක් විශ්වාසය පළ කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.