Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලි‍ස් ක්‍රීඩකයෝ සී.ආර්. පිලට බැට දෙති
අන්තර් සමාජ ලීග් රග්බි

පොලි‍ස් ක්‍රීඩකයෝ සී.ආර්. පිලට බැට දෙති

editorial - 2022 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර අද (26 වැනිදා) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරග‍යෙන් ලකුණු 20-03 ක පහසු ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය. මේ දක්වා තරග 4 කට ක්‍රීඩා කර ඇති පොලිස් කණ්ඩායම එහිදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය.

උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කළ පොලිස් ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-03 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. සී.ආර්. ක්‍රීඩා සමාජය පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ දඬුවම් පහරක් මගිනි. තරගයේ 6 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් යොහාන් පීරිස්, පොලිස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය.

තරගයේ 14 වැනි විනාඩියේදී සී.ආර්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගත් යසස් කවිඳු මුතුතන්ත්‍රිගේ කණ්ඩායම් දෙකේ ලකුණු සංඛ්‍යාව 03-03 ක් ලෙස සම තත්ත්වයට පත්කළේය. කෙසේ වුවත් 26 වැනි සහ 37 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් වාර්තා කළ ධනුෂ්ක එදිරිසූරිය සහ දේෂාන් ප්‍රනාන්දු පළමු අර්ධය අවසන් වන විට සිය කණ්ඩායම ලකුණු 10 කින් ඉදිරි‍යට ගෙන ආහ.  

දෙවැනි අර්ධයේදී සී.ආර්. ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට ඉඩක් නොදුන් පොලිස් ක්‍රීඩකයෝ, එහිදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු සංඛ්‍යාව ඉහළ දමාගත්හ. එහිදී දේෂාන් ප්‍රනාන්දු (37 වැනි විනාඩියේදී) සහ විහඟ පිවිතුරු (51 වැනි විනාඩියේදී) පොලිසිය වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් දෙවැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට යොහාන් පීරිස් සමත් විය.

සී.ආර්. කණ්ඩායමේ යොහාන් කනිෂ්ක තරග‍යේ 36 වැනි විනාඩියේදීද, පොලිස් කණ්ඩායමේ ආකාෂ් මධුෂංක තරග‍යේ 54 වැනි විනාඩියේදීද විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. මෙම තරගය තුළදී පොලිස් කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 6 ක්ද, සී.ආර්. කණ්ඩායම ක්‍රීඩක අ‍ාදේශ කිරීම් 7 ක්ද සිදු කළහ.

තරගය අවසන් වීමෙන් අනතුරුව කණ්ඩායමේ දෙකේ ක්‍රීඩකයන් කිහිප දෙනකු අතර බහින්බස් වීමක් හටගත් අතර එය ගැටුමක් දක්වා දුරදිග යෑමට පෙර සෙසු ක්‍රීඩකයෝ මැදිහත්ව පිරිස විසිරුවා හරිමින් තත්ත්වය සමතයකට පත්කළහ.

(ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි)


අදහස් (0)

පොලි‍ස් ක්‍රීඩකයෝ සී.ආර්. පිලට බැට දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.