Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසියෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්
අන්තර් සමාජ ලීග් රග්බි

පොලිසියෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්

editorial - 2022 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිසිය සහ ගුවන් හමුදාව අතර අද (12 වැනිදා) පොලිස් පාරක් පිටියේදී පැවැති තරගයෙන් ලකුණු 11-03 ක ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය. මේ දක්වා තරග 2 කට සහභාගි වී ඇති පොලිස් කණ්ඩායම එහිදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.

උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කළ පොලිස් ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 08-00 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. තරගයේ 12 වැනි විනාඩියේදී පොලිසිය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට වගීෂ වීරසිංහ සමත් වූ අතර පොලිස් කණ්ඩායමට 17 වැනි විනාඩියේදී හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ සචිත් සිල්වා විසිනි.

දෙවැනි අර්ධයේදී ගුවන් හමුදාවට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගත් නුවන් පෙරේරා (66 වැනි විනාඩියේදී) සහ පොලිස් කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගත් යොහාන් පීරිස් (78 වැනි විනාඩියේදී) සිය කණ්ඩායම්වලට තවත් ලකුණු 3 බැගින් එක් කළහ. ඒ අනුව නියමිත වේලාව අවසන් වන විට ලකුණු 8 ක් ඉදිරියෙන් සිටි පොලිසිය තරගයේ ජය තමන් සතු කරගත්තේය.

පොලිස් කණ්ඩායමේ යොමාල් සාරංග තිලකරත්න තරගයේ අවසන් විනාඩියේදී විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පතක් ලැබීය. මෙම තරගය තුළදී පොලිස් කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 7 ක්ද, ගුවන් හමුදා කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 8 ක්ද සිදු කළහ.

 


අදහස් (0)

පොලිසියෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.