අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතියේ තරග ආරම්භ කරමින් පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (19) පැවැති තරගයෙන් පොලිස් ක‍්‍රීඩකයෝ ලකුණු 24-12 ක ජයක් ලැබීමට සමත් වූහ.
පොලිස් පිල මෙවර තරගාවලියේදී ලැබූ හයවැනි ජය මෙය වන අතර පසුගිය සතියේ තරග අවසන් වන විට පොලිස් පිල තරග පහක් ජය ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවිය.
ජයග‍්‍රාහි පොලිස් පිල ගෝල තුනකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කර ගත්තේය. ගුවන් හමුදා පිල ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.
ආරම්භයේ සිට කරට කර තරගයක් පැවැති අතර එහි ප‍්‍රතිඵලයෙන් පළමු මිනිත්තු 25 තුළ ලකුණු පුවරුව ක‍්‍රියාත්මක නොවීය. පොලිස් පිල පළමු අර්ධයේ අවසන් මිනිත්තු 15 තුළදී ගෝලයක් සහ දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 10-0 ක් ලෙස ඉදිරියට පැමිණියේය.
පොලිස් පිල දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු 20 දක්වා ලකුණු 17-0 ක් ලෙස පෙමුණේ පසු වුවද ගුවන් හමුදා ක‍්‍රීඩකයෝ අවසන් මිනිත්තු 10 යේදී ගෝලයක් සහ උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 12 ක් රැස්කර ගත්හ.
මහනුවර පිල සහ ගුුවන් හමුදා පිල අතර තරගය වැලිසරදී ද, හැව්ලොක්ස් පිල සහ සී. ආර්. පිල අතර තරගය හැව්ලොක්ස් පිටියේදී ද, සී. එච්. පිල සහ යුද හමුදා පිල අතර තරගය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී ද, හෙට (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.