Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසියෙන් සී. ආර්. පිලට ප‍්‍රහාරයක්

පොලිසියෙන් සී. ආර්. පිලට ප‍්‍රහාරයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ පොලිස් පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර ලොන්ඩන් පෙදෙසේදී අද (29) පැවැති තරගයෙන් පොලිස් ක‍්‍රීඩකයෝ ලකුණු 41-22 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රාහි පොලිස් පිල ගෝල 4 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස් කළේය. සී. ආර්. පිලට ගෝලයකින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු එකතු විය.

තරගය ආරම්භයේ සිටම පෙරමුණගත් පොලිස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-7 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

 


අදහස් (0)

පොලිසියෙන් සී. ආර්. පිලට ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.