Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බහරේන් පාපන්දු රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම අතර ඊයේ (28) පැවති සුහඳ රග්බි තරගය ලකුණු 31-27 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත් විය.
කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී, සාර්ථක ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා පොලීසිය තරගය ආරම්භ වී පළමු විනාඩි කිහිපය ගත වීමටත් මත්තෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ලදි.
ශ්‍රී ලංකා පොලීසිය හා කරට කර තරගයට අවතීර්ණ වූ බහරේන් කණ්ඩායම ද උත්සාහක දිනුමක් සමගින් ලකුණු ලබා ගැනිම ආරම්භ කළේය. නැවතත් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පොලීසියේ වාජිත් ෆවුමි දෙවන උත්සාහක දිනුමද ලබා ගනිමින් ශ්‍රී ලංකා පොලීසියට ජයග්‍රාහී ආරම්භයක් ගෙන ආවේය. එවිට ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 12-5 ලෙසය.
පළමු අර්ධය නිමා වීමට මිනිත්තු දෙකක් තිබියදී නැවතත් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පොලිසියේ නිපුන් හසරංග උත්සාහක දිනුමක් හා ප්‍රවර්තනයක් ලබා ගනිමින් ලකුණු සටහන ඉහළ නැංවීය. ඒ අනුව පළමු අර්ධය අවසානයේ ශ්‍රී ලංකා පොලිසීය ලකුණු 19-5 ලෙස පෙරමුණ ගත්තේය.
බහරේන් කණ්ඩායමට කිසිසේත් හිස එසවීමට අවස්ථාව නොදුන් ශ්‍රී ලංකා පොලීසිය දෙවන කාර්තුව ආරම්භ වී විනාඩි 3ක් යාමට මත්තෙන් නැවතත් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. එහිදී ප්‍රදීප් කුමාර විසින් උත්සාහක දිනුමක් ලබා ගනිද්දී අමිත ප්‍රභාත්ගේ ප්‍රවර්තන අවස්ථාවද සාර්ථක විය. එම ලකුණු සංඛ්‍යාවත් සමඟ ප්‍රධාන ලකුණු පුවරුවේ ලකුණු සටහන් වූයේ 26-5 ලෙසය.
තරගය ආරම්භ වී 37 වන මිනිත්තුවේදි නැවතත් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ බහරේන් කණ්ඩායම උත්සාහක දිනුමක් හා ප්‍රවර්තන අවස්ථාවක් සමගින් ලකුණු 7ක් ලබා ගත්තේය. ඒ අනුව ප්‍රධාන ලකුණු පුවරව ලකුණු 26-12 ලෙස සටහන් විය.
තරගයේ අවසන් අදියරට වර්ෂාවෙන් බාධා ඇති වුවත් වර්ෂාව මැද්දේ වුවද තරගය අත් නොහළ බහරේන් කණ්ඩායම උත්සාහක දිනුම් අවස්ථා දෙකක් ලබා ගනිමින් නැවතත් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම ආක්‍රමණය කළේය. නමුත් තරගය අවසාන වන තෙක් බහරේන් කණ්ඩායමට නොදෙවිනි වූ ශ්‍රී ලංකා පොලීසිය තරගය අවසන් කරන ලද්දේ 31-27 ලෙසනි. ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියට මෙම තරගයේ ජයග්‍රහණය හිමි විය.
තරගය අවසානයේ බහරේන් ක්‍රීඩකයන් ක්‍රිඩාංගණයේ ජලය මත ලිස්සා යමින් තම සුහඳත්වය සැමරූ ආකාරය කාගේත් ප්‍රශංසාවට ලක් වූ අතර ශ්‍රී ලංකා පොලීසියද ඔවුන් හා එක් වෙමින් පැමිණ සිටි ප්‍රේක්ෂකයයෝ අමන්දානන්දයට පත් කළෝය.
-024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.