Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ත්‍රිත්ව විදුහල් පිල එහෙම පිටින්ම සෙල්ලමකට ගත් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කණ්ඩායම අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ සිය පළමු තරගය ලකුණු 28-21 කින් ජයගැනීමට ඊයේ සමත්විය. පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් බලකොටුවේ රිසි සේ අණසක පතුරුවා ලූ පීතරයෝ තරගයේ පළමුභාගය ලකුණු 14-0 කින් පෙරමුණ ගත් අතර දෙවැනි භාගයේ මුලදීම එය 21-0 කින් කරමින් ත්‍රිත්ව විදුහල් පිලේ ඉවසීම පරික්ෂා කරන්නට වූහ.
කෙසේවෙතත් අකිත සකලසූරියගේ උත්සාහක දිනුම් ද්විත්වයත්, විශ්ව රණරාජගේ උත්සාහක දිනුමත් නිසා අවසාන භාගයේදී තරමක සටනක් දීමට ත්‍රිත්ව විදුහල් පිල සමත්විය. එහෙත් ජයග්‍රහණයට එය කොහෙත්ම ප්‍රමාණවත් නොවූ අතර ශාන්ත පීතර විදුහල් පිල සිය අපරාජිතභාවය තව දුරටත් රැකගත්තේය.
රුක්ෂාන් මධුසංඛ තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ ශෙහාන් ලියනපතිරණ තරගය ආරම්භයේදීම ශාන්ත පීතර විදුහල් පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගත් අතර ජවිඳු ප්‍රනාන්දු ඉන් අනතුරුව තැබු උත්සාහක දිනුමත් ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් ලකුණු 14-0 කින් සිය විදුහල් පිල ඉහළට ඔසවා තැබුවේය.
තරගයේ දෙවැනි භාගයේදී රෝලිං මෝල් අවස්ථාවක් සාර්ථක කරගත් ජවිඳු ප්‍රනාන්දු සිය දෙවැනි උත්සාහක දිනුමත් තැබූ අතර ලියනපතිරණ විසින් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙන් ශාන්ත පීතර විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 21-0 කින් ඉහළ ගියේ ත්‍රිත්ව විදුහල් පිල එහෙම පිටින්ම බිමට ඇද දමමිනි. එහෙත් හිටි හැටියේම ප්‍රතිවාදීන් හමුවේ අභියෝගාත්මක තරග රටාවකට පිළිපන් ත්‍රිත්ව විදුහල් පිල විශ්ව රණරාජා තැබූ අගනා උත්සාහක දිනුම සකලසූරිය විසින් ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය.
ඉන් අනතුරුව පිට පිට උත්සාහක දිනුම් දෙකක්ම තබා ඒ දෙකම ගෝල බවට ප්‍රවර්තනය කරමින් පෙරළිකාර ක්‍රීඩා විලාසයක නිරතවූ සකලසූරිය ත්‍රිත්ව විදුහල් පිලේ බලාපොරොත්තු තරමක් දුරට ඉහළ දැමුවත් පීතරයන්ගේ ජයග්‍රහණය වැළැක්වීමට එය ප්‍රමාණවත් නොවීය.
අතිරේක ක්‍රීඩක නිස්රාන් නිල්හාර් තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ ලියනපතිරණ ශාන්ත පීතර විදුහල් පිලේ තරගයේ ජයග්‍රහණය තහවුරු කළේය.
ශාන්ත පීතර විදුහල 28
උත්සාහක දිනුම් 4යි. - ජවිඳු ප්‍රනාන්දු (2), රුක්ෂාන් මධුසංඛ. නිස්රාන් නිල්හාර්
ප්‍රවර්ථන - ශෙහාන් ලියනපතිරණ (4)
ත්‍රිත්ව විදුහල 21
උත්සාහක දිනුම් 3යි. - අකිත සකලසූරිය (2), විශ්ව රණරාජා
ප්‍රවර්ථන - අකිත සකලසූරිය (3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.