Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර ලොන්ඩන් පෙදෙසේදී අද (29 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 19-11 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය.
උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් සමග ලකුණු රැස්කළ සී.ආර්. ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 11-10 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. ගුවන් හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් සමගිනි.
සී.ආර්. ක්‍රීඩා සමාජය වෙනුවෙන් 5 වැනි විනාඩියේදී ගැමුණු චේතිය උත්සාහක දිනුමක් ලබාගත් අතර 20 වැනි සහ 27 වැනි විනාඩිවලදී කවිඳු ද කොස්තා දඬුවම් පහර 2 ක් සාර්ථක කර ගත්තේය. ගුවන් හමුදාව වෙනුවෙන් 8 වැනි විනාඩියේදී අංජුල රවිඳු හෙට්ටිආරච්චි උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය මෙන්ම 31 වැනි විනාඩියේදී හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගනු ලැබුවේ නුවන් පෙරේරා විසිනි.
දෙවැනි අර්ධයේදී සී.ආර්. ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට ඉඩක් නොදුන් ගුවන් හමුදා ක්‍රීඩකයෝ එහිදි තවත් දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබාගත්හ. 50 වැනි, 63 වැනි සහ 71 වැනි විනිඩිවලදී එම දඬුවම් පහර 3 සාර්ථක කරගත් නුවන් පෙරේරා ගුවන් හමුදා ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.
සී.ආර්. ක්‍රීඩා සමාජයේ අචිත රදීෂාන් පළමු අර්ධයේදීද (38 වැනි විනාඩියේදී), ඩයන් සබාර් දෙවැනි අර්ධයේදීද (62 වැනි විනාඩියේදී) විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ.
(ඡායාරූප – රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.