Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවිකයෝ සී.ආර්. පිල පරදවති
අන්තර් සමාජ ලීග් රග්බි

නාවිකයෝ සී.ආර්. පිල පරදවති

editorial - 2022 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර අද (11 වැනිදා) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 18-13 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය. මේ දක්වා තරග 4 කට සහභාගි වී සිටින නාවික හමුදාව එහිදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය.

ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කළ සී.ආර්. ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-07 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. නාවික හමුදාව පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සමගිනි. තරගයේ 9 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් සුපුන් වර්ණකුලසූරිය සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය.

එම උත්සාක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එය ගෝල දිනුමක් බවට පත්කළ යසස් කවිඳු මුතුතන්ත්‍රිගේ, ඉන් නොනැවතී 16 වැනි විනාඩියේදී සී.ආර්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගත්තේය. තරගයේ 25 වැනි විනාඩියේදී නාවික හමුදාව වෙනුවෙන් අදීෂ වීරතුංග උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ ජනිත් චන්දිමාල් විසිනි.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 3 ක් ගතවන විට (43 වැනි විනාඩියේදී) නාවික හමුදාවට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් චතුර සේනෙවිරත්න, ලකුණු 10-10 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයට පත් කළේය. 51 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කරමින් නාවික හමුදා කණ්ඩායම පළමු වරට තරගයේ පෙරමුණට ගෙන ඒමට අමිත් ගුරුසිංහ සමත් විය.

තරගයේ 64 වැනි විනාඩියේදී නාවික හමුදාවට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත සහ 69 වැනි විනාඩියේදී සී.ආර්. කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගත් යසස් කවිඳු මුතුතන්ත්‍රිගේ සිය කණ්ඩායම්වලට තවත් ලකුණු 3 බැගින් එක් කළහ. එහෙත් දෙවැනි අර්ධයේදී ලබාගත් උත්සාහක දිනුම හේතුවෙන් තරගයේ ජය නාවික හමුදාව සතුවිය.

සී.ආර්. ක්‍රීඩා සමාජ කණ්ඩායමේ ඉමංක ආරියපාල තරගයේ 52 වැනි විනාඩියේදීද, නාවික හමුදා කණ්ඩායමේ චතුර සේනෙවිරත්න තරගයේ 56 වැනි විනාඩියේදීද විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. මෙම තරගය තුළදී සී.ආර්. කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 7 ක්ද, නාවික හමුදාව ක්‍රීඩක ආදේශ කිරීම් 6 ක්ද සිදු කළහ.

 


අදහස් (0)

නාවිකයෝ සී.ආර්. පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.