Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදාව සහ පොලිසිය අතර පොලිස් පාර්ක් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 12-00 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.
පළමු අර්ධය අවසන් වන විට දෙපිලම ලකුණු ලබා නොසිටි නමුත් දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩියක් ගත වීමටත් පෙර එනම් 41 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් අදීෂ වීරතුංග නාවික හමුදා කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය.
තරගයේ 69 වැනි විනාඩියේදී තිළිණ වීරසිංහ ලබාගත් උත්සාහක දිනුමත් සමග නාවික හමුදා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ නැංවුණ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ඉසුරු කෝන්ගහවත්ත එය ගෝල දිනුමක් බවට පත් කළේය.
පොලිස් කණ්ඩායමේ මෙම තරගාවලියේදී සහභාගි වූ පළමු තරගය මෙය වූ අතර එහිදී පොලිස් ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට කිසිදු ඉඩක් නොදීමට නාවික හමුදා ක්‍රීඩකයෝ වග බලාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.