Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය සඳහා නාවික හමුදාව (ලකුණු 12) සහ ගුවන් හමුදාව (ලකුණු 11) අතර තියුණු සටනක් හටගෙන තිබේ.
මේ වන විට කණ්ඩායම් දෙකම තරග 5 කට බැගින් සහභාගි වී එහිදී ජයග්‍රහණ 2 ක් සහ පරාජ 3 ක් බැගින් ලබා සිටියි. කෙසේ වුවත් එහිදී ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇති අතර ගුවන් හමුදාවට හිමිව ඇත්තේ එක් ප්‍රසාද ලකුණක් පමණි.
ඒ අනුව නාවික හමුදාව ලකුණක පරතරයකින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටින අතර ගුවන් හමුදාව එහි සිවුවැනි ස්ථානයේ පසුවේ. පස්වැනි සතියේදී පැවැති තරගවලදී යුද හමුදාවට එරෙහිව ලකුණු 12-05 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් වූ අතර සී.එච්. කණ්ඩායම හමුවේ ලකුණු 28-22 ක් ලෙස නාවික හමුදාව පරාජයට පත් විය.
තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට තරග 5 කට සහභාගි වී එම තරග 5 ජයගෙන අපරාජිතව සිටින හැව්ලොක් කණ්ඩායම (ලකුණු 27) සමත්ව සිටියි. පස්වැනි සතියේදී පොලිස් කණ්ඩායමට එරෙහිව බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 21-17 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.
තරග 4 කට සහභාගි වී ප්‍රසාද ලකුණුද සමග එම තරග 4 ම ගෙන සිටින මහනුවර ක්‍රීඩා සමාජය (ලකුණු 24) පස්වැනි සතිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවේ. ඒ අනුව ලකුණු සටහනේ පෙරමුණේ පසුවන හැව්ලොක් කණ්ඩායම සහ දෙවැනි ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායම අතර පවතින පරතරය ලකුණු 3 කි.
මහනුවර කණ්ඩායමට ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවූයේ යුද හමුදා කණ්ඩායමට එරෙහිව සිවුවැනි සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය කොවිඩ් වයිරසයේ බලපෑම නිසා මාර්තු මස 12 වැනිදා දක්වා කල් දැමීමට සිදුවීම හේතුවෙනි. කෙසේ වුවත් පස්වැනි සතියේදී සී.ආර්. කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 45-26 ක් ලෙස ජයගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ.
ඡායාරූපය - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.