Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදාව 24 - 8 කින් සී. එච්. පරදවයි

නාවික හමුදාව 24 - 8 කින් සී. එච්. පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය ආරම්භ කරමින් වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැති තරගයෙන් නාවික හමුදා පිල ලකුණු 24-8 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කළේය.

උත්සාහක දිනුම් අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන නාවික හමුදා පිල මෙහිදී අතිරේක ප‍්‍රසාද ලකුණ ද ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණි.

නාවික හමුදා පිල ගෝල 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කර ගත්තේය. සී. එච්. පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට නාවික හමුදාව ලකුණු 17-3 ක් ලෙස පෙරමුණේ පසුවිය. 


අදහස් (0)

නාවික හමුදාව 24 - 8 කින් සී. එච්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.