Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මයිකල් මැග්වයර් මහතා පත්කර ඇතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු මීට පෙර විගන් වෝරියස් රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.
පසුගිය වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව නවසීලන්ත රග්බි කණ්ඩායමේ යම් දුර්වලතා නිසා විදේශීය පුහුණුකරුවකුගේ අවශ්‍යතාවයක් මතුවිය. මෙතෙක් එහි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් කිඞ්වෙල් මහතා වෙනුවට මෙලෙස ඕස්ට්‍රේලියානු මයිකල් මාගර් මහතා පත්කර ඇත.
“නවසීලන්තය දැනටමත් ජාතික රග්බි කණ්ඩායම් අතර සහ එංගලන්ත සුපර් ලීග් තරගාවලිය තුල ඉහළම දක්ෂතා අතර සිටිනවා.“ යැයි මයිකල් මහතා පැවැසීය.
නවසීලන්ත රග්බි කණ්ඩායම සමග එක්වෙමින් ජයග්‍රාහි සංස්කෘතියක් ගොඩ නගන්න හැකිවීම පිළිබඳව තමා සතුටට පත්වන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
ඔහු මීට පෙර වසර 2010දී ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සුපර් ලීග් තරගාවලියේ වෝරියස් කණ්ඩායමේ ජයග්‍රහණය දක්වා මෙහෙයවනු ලැබීය. වසර 2011දී පැවැති අභියෝගතා කුසලානයද දිනාගත්තේ ඔහුගේ මඟපෙන්වීම යටතේය.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.