Last Update  :  2025-11-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby තුන්වැනි සති අන්තයේ තරග කල්යයි

තුන්වැනි සති අන්තයේ තරග කල්යයි

editorial - 2025 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

අන්තර් සමාජ රග්බි තරගාවලියේ තුන්වැනි සති අන්තයේ සියලුම තරග කල්දැමීමට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ. අද (සිකුරාදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග ඉරිදාට (30 වැනිදා) කල්දමමින් තුන්වැනි සති අන්තයේ තරග පැවැත්වීමට කලින් තීරණය කර තිබුණ නමුත් කාලගුණ තත්ත්වය නරක අතට හැරීමත් සමගින් තුන්වැනි සති අන්තයේ තරග සියල්ලම කල්දැමීමට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ විධායක කමිටුව තීරණය කළේය. 

කෙසේ වෙතත් කල් දමන ලද තරග තරගාවලියේ විවේකී සති අන්තයේදී පැවැත්වීමට හැකිවන පරිදි කල්ඇතිවම ක්‍රීඩාංගණ වෙන්කරගන්නා ලෙස ශ්‍රී ලංකා රග්බි විධායක කමිටුව ක්‍රීඩා සමාජ වලට දැනුම් දෙයි. 

කෙසේ වෙතත් මෙම තරග නැවත පැවැත්වීමේදී ඒ සඳහා සහභාගිවිය හැක්කේ නොවැම්බර් මස 28-29 සහ 30 යන දිනයක් සඳහා ක්‍රීඩා කිරීමට ලියාපදිංචිවී සිටි ක්‍රීඩකයන්ට පමණි. 


අදහස් (0)

තුන්වැනි සති අන්තයේ තරග කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.