
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය යටතේ සෙනසුරාදා (14 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 27-17 ක් ලෙස කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පරාජය කිරීමට මරදාන සහිරා විදුහල සමත් විය.
ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට සහිරා විදුහල ලකුණු 24-07 ක් ලෙස පෙරමුණ ගත්තේය. එහිදී සහිරා විදුහල ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර ඩී.එස්. සේනානායක විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි.
දෙවැනි අර්ධ අර්ධය තුළ සහිරා විදුහල දඬුවම් පහරක් මගින් ලකුණු 3 ක් පමණක් රැස්කරද්දී, ඩී.එස්. ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු 10 ක් රැස්කිරීමට සමත් වූහ. එහෙත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව නියමිත කාලය අවසන් වන විට මෙම තරගයෙන් ලකුණු 10 ක පහසු ජයක් වාර්තා කිරිමට සහිරා විදුහල සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.