Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby චීනය හමුවේ අනපේක්‍ෂිත පරාජයක්

චීනය හමුවේ අනපේක්‍ෂිත පරාජයක්

ශනුක අරවින්ද - 2016 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වීමේ බලාපොරොත්තු පෙරදැරිව කොළඹ පැරැණි තුරග තරග පිටියට පිවිසි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අපේක්‍ෂා බිඳ දැමූ චීන කී‍්‍රඩකයෝ අද රාති‍්‍රයේදී පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් ශී‍්‍ර ලංකා පිල පරදවා ලකුණු 24-14 ක පහසු ජයක් අත්කරගත්හ.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ අතපසු වීම් දෙකකින් නිසි ප‍්‍රයෝජනගත් චීන කී‍්‍රඩකයෝ සත්කාරක ශී‍්‍ර ලංකා පිල දරුණු පීඩනයකට ඇද දමමින් පළමු මිනිත්තු 6 ඇතුලත ලකුණු 12-0 කින් පෙරමුණගත්හ. කෙසේ වෙතත් පළමු භාගය නිමාවීමට පෙර උත්සාහක දිනුමක් තැබූ රිචඞ් ධර්මපාල ශී‍්‍ර ලංකා පිලේ ගෞරවය රැකගත්තේ ලකුණු 7-12 කින් පළමු භාගයේ පරතරය අඩු කොට දමමිනි.

දෙවැනි භාගයේ අභියෝගාත්මක කී‍්‍රඩා විලාසයක නිරතවූ චින කණ්ඩායම පිට පිට උත්සාහක දිනුම් දෙකක්ම තබා ඉන් එකක් ගෝලයක් බවට පත් කරමින් ලකුණු 24-7 කින් සිය කණ්ඩායම ඉදිරියට ගෙන ගියහ. අවසන් මොහොතේ දී ධර්මපාල සිය දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කළ ද චීනයේ ජයග‍්‍රහණය නතර කිරීමට එය ප‍්‍රමාණවත් වූයේ නැත.

තරගය පුරා ගෝල 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් ලබාගැනීමට චිනය සමත්වෙද්දී ශී‍්‍ර ලංකාවට රැස් කිරිමට හැකිවූයේ ගෝල් 2 ක් පමණි.

මේ අනුව ‘බී‘ කාණ්ඩයේ චීනයට පහළින් දෙවැනි තැනට පත්වූ ශී‍්‍ර ලංකාව  හෙට (16) පස්වරු 3.05 ට හොං කොං පිල සමග පිළිමළුන් පිටුදැකීමේ අවසන් පූර්ව තරගයට එක්වීමට නියමිතය.

 

-066

 


අදහස් (0)

චීනය හමුවේ අනපේක්‍ෂිත පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.