Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby චීන තායිපේට එරෙහිව පහසු ජයක්

චීන තායිපේට එරෙහිව පහසු ජයක්

ශනුක අරවින්ද - 2016 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ පැරැණි තුරග තරග පිිටියේදී අද ආරම්භ වූ තුන්වැනි සහ අවසන් අදියරේ ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේදී චීන තායිපේ කණ්ඩායම සමග සිය පළමු තරගයට එක්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 26-7 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය. ශී‍්‍ර ලංකාව ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල් 3 ක් සහ උත්සාහක දිනුමක් ඇතුළත් වූ අතර චීන තායිපේ කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් පමණි.

තරගයේ මුල් මිනිත්තු කිහිපයේදී ශී‍්‍ර ලංකාවට තරමක පීඩනයක් ගෙන දුන් චීන තායිපේ පිලේ චෙන් චිහ් ලින් තැබූ උත්සාහක දිනුම මින් සිං හෝ ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 7-0 කින් පෙරමුණ ගැනීමට චීන තායිපේ පිල සමත් විය. එහෙත් 6 වැනි මිනිත්තුවේදී රිචඞ් ධර්මපාල තැබූ උත්සාහක දිනුමක් ගෝල් කණුවට ඉහලින් යැවූ ශී‍්‍රනාත් සූරියබණ්ඩාර දෙපිලේ ලකුණු තත්ත්වය 7-7 කින් සමකළේය.

දෙවැනි භාගයේ අණසක පැතිරවූ ශී‍්‍ර ලංකා පිල තවත් උත්සාහක දිනුම් තුනක් ලබා ගනිද්දී චීන තායිපේ කණ්ඩායමට කිසිදු ලකුණක් ලබාගත නොහැකිවිය.

දෙවැනි භාගයේ ආරම්භයේ දී සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට ධර්මපාල සමත්වූ අතර ඊට මිනිත්තුවකට පසුව කංචන රාමනායක උත්සාහක දිනුමක් තබමින් ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 21-7 කින් ඉහළ දැමුවේය. මේ උත්සාහක දිනුම් දෙකම කෙවින් ඩික්සන් විසින් ගෝල බවට පත් කරනු ලැබිණ.

අවසන් මිනිත්තුවේ දී රාමනායක සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්විය.

මේ අතර ඊයේ පස්වරුවේ පුහුණුවීම් අතරතුර කලවේ නහරයක ඇතිවූ ආබාධයක් හේතුවෙන් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩක ජේසන් දිසානායකට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඔහු වෙනුවට හිරන්ත පෙරේරා කණ්ඩායමට එක්වී සිටී.

අද දහවල් පැවැති පළමු වටයේ සෙසු තරගවල දී ජපානයට එරෙහිව ලකුණු 31-12 ක ජයක් වාර්තා කිරීමට හොං කොං පිල සමත්වූ අතර ලකුණු 29-14 කින් මැලේසියාව පරාජය කිරීමට දකුණු කොරියාව සමත්විය.

සිංගප්පුරුවට එරෙහිව ලකුණු 34-5 ක ජයක් අත්කර ගැනීමට චීනය සමත්විය.

 

- 066

 


අදහස් (0)

චීන තායිපේට එරෙහිව පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.