Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby චීන කී‍්‍රඩිකාවෝ ශී‍්‍ර ලංකාවට තලති

චීන කී‍්‍රඩිකාවෝ ශී‍්‍ර ලංකාවට තලති

ශනුක අරවින්ද - 2016 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ පැරැණි තුරග තරග පිිටියේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තුන්වැනි සහ අවසන් අදියරේ තරගාවලියේ සිය දෙවැනි තරගයට මුහුණදුන් ශී‍්‍ර ලංකා කාන්තා පිල චීනය හමුවේ සටනක් නොදීම ලකුණු 27-0 කින් පරාජයට පත්විය.

හොංකොං පිලට එරෙහිව පැවැති පළමු තරගයේදී ප‍්‍රබල සටනක් දුන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන්ට චීනය ඉදිරියේ කිසිදු තරගයක් දීමට නොහැකිවීම කැපී පෙනුණි.

ආරම්භයේ සිටම ජවයෙන් යුතුව තරගයට එක්වූ චීන කී‍්‍රඩිකාවෝ ශී‍්‍ර ලංකාව බිංදුවේම තබා තරගය පුරා ගෝලයක් සහ උත්සාහක දිනුම් 4 ක් රැස් කිරිමට සමත්වූහ. ඉන් උත්සාහක දිනුම් ති‍්‍රත්වයක්ම වාර්තා කරනු ලැබුවේ චීනයේ ප‍්‍රබල කී‍්‍රඩිකා යැං ලියූ විසිනි.

තරගයේ දෙවැනි මිනිත්තුවේදීම උත්සාහක දිනුමක් වාර්තා කළ වැන්යූ වැං චීනයේ ලකුණු සංඛ්‍යාව 5-0 කින් ඉදිරියට ගෙනගිය අතර පළමු භාගය නිමාවීමට පෙර සිය පළමු උත්සාහක දිනුම තැබූ යැං ලියු සිය කණ්ඩායම ලකුණු 10-0 කින් ඉහළට ඔසවා තැබුවාය.

දෙවැනි භාගයේ ආරම්භයේදීම කාසි ගුවාන් තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ මෙන්ටිංග් කයි චීනය ලකුණු 17-0 කින් ඉදිරියට ගෙන ගියාය. ඊට මිනිත්තු දෙකකට පසුව සිය දෙවැනි උත්සාහක දිනුමත්, අවසන් මොහොතේ දී තුන්වැනි උත්සාහක දිනුමත් තැබූ යැං ලියූ සත්කාරක ශී‍්‍ර ලංකාවට එරෙහිව සිය කණ්ඩායමට විශිෂ්ට ජයක් ගෙන දුන්නාය.

දෙවැනි වටයේ සෙසු තරගවල දී කෝඩුකාර ඉන්දියාව ලකුණු 43-0 කින් පරාජය කිරීමට ජපානය සමත්වූ අතර තායිලන්තය හමුවේ දකුණු කොරියාව ලකුණු  19-0කින් පරාජයට පත්විණි. සිංගප්පූරුවට එරෙහිව හොං කොං පිල ජය වාර්තා කළේ ලකුණු 26-0 කිනි.

 

-066

 


අදහස් (0)

චීන කී‍්‍රඩිකාවෝ ශී‍්‍ර ලංකාවට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.