Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේදී මෙම සති අන්තයේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායමට ඕස්ට්‍රේලියානු සම්භවයක් ඇති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුළත්ව සිටිති.
ලියාරා ජයසිංහ සහ නියාරා ජයසිංහ යන මෙම සොහොයුරියන් දෙදෙනා ඕස්ටේ්‍රලියාවේ වාසය කරන අතර නිව් සවුත් වේල්ස් පාසල් රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරති. මෙම තරගාවලියේදී පළමු වරට ඔවුන් දෙදෙනාම එකවර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට නියමිතව සිටිති. චීනයේදී පැවැති පළමු අදියරට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියේ ලියාරා ජයසිංහ පමණි.
ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වලට අනුව ආසියාවේ හොඳම කණ්ඩායම් 12 සහභාගි වන මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි පළමු අදියර සැප්තැම්බර් මාස චීනයේදී පැවැත්විණි. නාවික හමුදාවේ රන්දිකා කුමුදුමාලිගේ නායකත්වය යටතේ පළමු අදියරේ 9 වැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාව මෙම අදියරයට සහභාගි වන්නේ සංචිතයේ වෙනස්කම් කිහිපයක්ද සමගිනි.
ලියාරා සහ නියාරාට අමතරව ශ්‍රී ලංකා සංචිතයට නාවික හමුදාව නියොජ්නය කරමින් ක්‍රීඩිකාවන් 6 දෙනෙක්ද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ද, යුද හමුදාව, ගුවන් හමුදාව සහ කුලියාපිටිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාව බැගින්ද ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා සත් සමාජික රග්බි සංචිතය
රන්දිකා කුමුදුමාලි (නායක), සංජු විජේතිලකා, ජයන්ති කුමාරි, සන්දිකා හේමකුමාරි, ශානිකා මධුමාලි සහ දිල්කි සත්සරණි - නාවික හමුදාව
චරනි ලියනගහේ සහ කාංචනා මහේන්ද්‍රන් - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී.
දිලිනි කාංචනා - යුද හමුදාව
සරනි නයනතාරා - කුලියාපිටිය
හේකෂිනී ක්‍රිෂ්ණකුමාරි - ගුවන් හමුදාව
ලියාරා ජයසිංහ සහ නියාරා ජයසිංහ - ඕස්ටේ්‍රලියාව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.