
(ශානුක අරවින්ද)
ශ්රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය යටතේ සෙනසුරාදා (14 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 20-17 ක් ලෙස මහනුවර කින්ස්වුඩ් විදුහල පරාජය කිරීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
කොළඹ හැව්ලොක්ස් ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට කින්ස්වුඩ් විදුහල ලකුණු 17-00 ක් ලෙස පෙරමුණ ගත්තේය. එහිදී ශාන්ත ජෝෂප් විදුහලට එක් ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් ලබා නොදුන් කින්ස්වුඩ් ක්රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත්හ.
දෙවැනි අර්ධය ඊට හාත්පසින්ම වෙනස් වූ අතර එහිදී කින්ස්වුඩ් විදුහලට ලකුණු ලබාගැනීමට ඉඩක් නොදුන් ශාන්ත ජෝෂප් විදුහල ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් 20 රැස්කිරීමට සමත් විය. ඒ අනුව නියමිත වේලාව නිමාවට පත්වන විට කින්ස්වුඩ් විදුහලට වඩා ලකුණු 3 ක් ඉදිරියෙන් සිටි ශාන්ත ජෝෂප් ක්රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.