Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කිංග්ස්වුඩ් වසර 10 කට පසු ත්‍රිත්ව පරදවයි

කිංග්ස්වුඩ් වසර 10 කට පසු ත්‍රිත්ව පරදවයි

ශනුක අරවින්ද - 2018 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර දහයකට පසුව පළමු වතාවට ත්‍රිත්ව විදුහල් පිල පරාජයට පත් කරමින් අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ තරගයෙන් ලකුණු 23-21 ක තියුණු ජයක් වාර්තා කිරීමට කිංග්ස්වුඞ් විදුහල් කණ්ඩායම සමත්විය. නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 15-7 කින් පෙරමුණ ගත් කිංස්වුඞ් විදුහල් පිල දෙවැනි භාගයේදී පෙන්වූ දැඩි ආක්‍රමණශීලී තරග රටාව හමුවේ ත්‍රිත්ව ක්‍රීඩකයෝ අන්දමන්ද වූහ.

අවසන් වතාවට 2008 දී ත්‍රිත්ව විදුහල් පිල පරාජයට පත් කළ කිංස්වුඞ් විදුහල් කණ්ඩායම තරගය ජයගත්තේ ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් සමගිනි. ත්‍රිත්ව විදුහල් පිල රැස් කළේ ගෝල් 3ක් පමණි.

ආරම්භයේ දී හුකර් ක්‍රීඩක පැතුම් වීරසිංහගේ අගනා උත්සාහක දිනුමකින් ලකුණු 5-0 කින් පෙරමුණ ගත් කිංස්වුඞ් විදුහල් පිල වෙනුවෙන් හිරුෂාන් සම්පත් පහසු දඬුවම් පහරක් සාර්ථක කිරීමෙන් පසුව ලකුණු සංඛ්‍යාව ඉහළ දමාගත්තේ 8-0 ක් ලෙසිනි. අනතුරුව 30 වැනි මිනිත්තුවේදී ඩිනාල් ඒකනායක තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ සම්පත්, කිංග්ස්වුඞ් විදුහල් පිල ලකුණු 15-0 කින් ඉහළට ඔසවා තැබුවේය.

කෙසේවෙතත් පළමු භාගය නිමාවට පෙර ජනිඳු රත්නායක විසින් ත්‍රිත්ව විදුහල් පිලේ ලකුණු ලබාගැනීම ආරම්භ කරනු ලැබුවේ උත්සාහක දිනුමකිනි. එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් සිය කණ්ඩායමට ලකුණු 7 ක් ගෙනදීමට අකිත සකලසූරිය සමත්විය.

දෙවැනි භාගයේ ආරම්භයේදීම දඬුවම් පහරක් සාර්ථක කරගත් සම්පත් කිංග්ස්වුඞ් විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 18 දක්වා ඉහළ දැමූ අතර මොහොතකට පසුව විශ්ව රණරාජා තැබූ විශිෂ්ට උත්සාහක දිනුම අකිත විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු සංඛ්‍යාව 14 දක්වා ඉහළ දමාගැනීමට ත්‍රිත්ව විදුහල් පිලට හැකිවිය.

ජයග්‍රහණය පසුපසින් ප්‍රතිවාදී ක්‍රීඩකයන් හඹා එද්දී කදිම උත්සාහක දිනුමක් තැබූ රුචිර ඒකනායක කිංස්වුඞ් විදුහල් පිල ලකුණු 23-14 කින් ඉදිරියට ගෙන ගියේය. එහෙත් උත්සාහය අත් නොහැරිය ත්‍රිත්ව විදුහල් පිල වෙනුවෙන් තරගයේ 70 වැනි මිනිත්තුවේදී වොරන් වීරකෝන් තැබූ විශිෂ්ට උත්සාහක දිනුම මිනිඳු ජයසුන්දර ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමෙන් ලකුණු සංඛ්‍යාව 21 දක්වා ඉහළ දැමීමෙන් තරගය උණුසුම් මුහුණුවරක් ගත්තේය.

කෙසේ වෙතත් අවසන් මිනිත්තු 10 දී පෙරමුණ රැකගත් කිංස්වුඞ් විදුහල් පිල තරගය ජයගත්තේ ලකුණු 2කිනි.

කිංස්වුඞ් විදුහල - 23

  • උත්සාහක දිනුම් 3යි - පැතුම් වීරසිංහ, ඩිනාල් ඒකනායක, රුචිර ඒකනායක
  • ප්‍රවර්තන - හිරුෂාන් සම්පත් (1)
  • දඬුවම් පහර - හිරුෂාන් සම්පත් (2)

ත්‍රිත්ව විදුහල - 21

  • උත්සාහක දිනුම් 3යි - ජනිඳු රත්නායක, විශ්ව රණරාජා, වොරන් වීරකෝන්
  • ප්‍රවර්තන - අකිත සකලසූරිය (2), මිනිඳු ජයසුන්දර (1)

 


අදහස් (0)

කිංග්ස්වුඩ් වසර 10 කට පසු ත්‍රිත්ව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.