Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කිංග්ස්වුඩ් ඉවත්වෙයි

කිංග්ස්වුඩ් ඉවත්වෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි සංගමය, මයිලෝ සමාගමේ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියෙන් මෙවර ලීග් තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වූ මහනුවර කිංග්ස්වුඩ් විදුහල ඉවත්වී තිබේ.

කිංග්ස්වුඩ් විදුහල ඉවත්වීමත් සමග ලීග් තරගාවලියේ හත්වැනි ස්ථානයට පත්වූ ශාන්ත ජෝශප් විදුහල තරගාවලියට ඇතුළත් කර තිබේ.

කිංග්ස්වුඩ් විදුහල අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත්වීම නිසා තරගාවලි සැලැස්ම වෙනස් කර ඇති අතර ඒ අනුව දෙවැනි සහ තෙවැනි තරග වෙනස් වී තිබේ.

කිංග්ස්වුඩ් විදුහල තරගාවලියෙන් ඉවත්වීමට හේතුව ලෙස පාසල් රග්බි සංගමයට දැනුම්දී ඇත්තේ එම පාසලේ ක‍්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්ව සිටින බවයි.

මෙවර තරගාවලියේ පළමු තරගය ලීග් තරගාවලියේ කුසලාන ශූරතා ශූරයන් වූ ඉසිපතන විදුහල සහ බඳුන ශූරයන් වූ තර්ස්ටන් විදුහල අතර මේ මස 30 වැනිදා කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.

මෙම තරගාවලියට සමගාමීව අගමැති කුසලාන සහ සභාපති කුසලාන තරගාවලි දෙක ද පැවැත්වේ. සියලූම තරග කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.

තරග කාලසටහන
ජූනි 30 - ඉසිපතන විදුහල සහ තර්ස්ටන් විදුහල අතර
ජූලි 01 - ශාන්ත පීතර විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර
ජූලි 02 - කොළඹ රාජකීය විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර
ජූලි 03 - මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ වෙස්ලි විදුහල අතර
ජූලි 6 සහ 7 - අවසන් පූර්ව තරග
ජූලි 13 - අවසන් මහ තරගය


අදහස් (0)

කිංග්ස්වුඩ් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.