Last Update  :  2026-03-15 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතන විදුහලට දැවැන්ත ජයක්
ජනාධිපති කුසලාන

ඉසිපතන විදුහලට දැවැන්ත ජයක්

editorial - 2026 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය යටතේ සෙනසුරාදා (14 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 41-08 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. 

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ඉසිපතන විදුහල ලකුණු 19-03 ක් ලෙස පෙරමුණ ගත්තේය. එහිදී ඉසිපතන විදුහල ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර විද්‍යා විදුහල ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි. 

දෙවැනි අර්ධ අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් තවත් ලකුණු 22 රැස්කිරීමට ඉසිපතන ක්‍රීඩකයන් සමත් වෙද්දී, විද්‍යා ක්‍රීඩකයන්ට උත්සාක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ඒ අනුව නියමිත කාලය නිමාවට පත්වන විට ලකුණු 33 ක පහසු ජයක් වාර්තා කිරිමට ඉසිපතන විදුහල සමත් විය. 

 


අදහස් (0)

ඉසිපතන විදුහලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.