අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ රග්බි තරගාවලියේ අද (30 වැනිදා) පැවැති තරගයකදී කොළඹ ඉසිපතන විද්‍යාලය විසින් ලකුණු 62 - 15 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි. මෙම තරගය කොළඹ 7 ලොන්ඩන් පෙදෙස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
ඉසිපතන කී‍්‍රඩකයන් උත්සාහක දිනුම් 10 කින් ලකුණු ලබාගත් අතර ඒවායින් දිනුම් 6 ක්ම ගෝල දිනුම් බවට ප‍්‍රවර්ථනය කරන ලදි. සාන්ත තෝමසුවන්ට ලබාගත හැකිවූයේ උත්සාහක දිනුම් දෙකක් පමණි. කෙසේ වෙතත් උත්සාහක දිනුමකට අතිරේක ලකුණු එකතු වීමත් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් නිසා සාන්ත තෝමස් පිලට ලකුණු 15 ක් ලබාගත හැකි විය.
ඉසිපතන ජයග‍්‍රහණයේ ලකුණු පරතරය විශාල වූ නමුත් තෝමසුවෝ තරගය පුරාම සටන අත් නොහළහ. ඔවුන්ගේ ආක‍්‍රමණශීලිත්වය පසුගිය තරග වලට වඩා ඉහළ මට්ටමක තිබූ නමුත් ඉසිපතනයේ ආරක්‍ෂක වළල්ල බිඳගෙන යාම අසීරු විය.
තරගයේ පළමු අර්ධය නිමා වන විට ඉසිපතන පිල 31-3 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.