Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය, මයිලෝ සමාගමේ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන රග්බි තරගාවලියේ (2014) අවසන් මහ තරගය කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර අනිද්දා (13) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ. තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.
මෙවර ලීග් ශූරයන් වන ඉසිපතන විදුහල විසින් අවසන් පූර්ව තරගයේදී ලකුණු 39-17 කින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කරන ලද අතර රාජකීය විදුහල විසින් අවසන් පූර්ව තරගයේදී ලකුණු 30-29 කින් මහනුවර ත‍්‍රිත්ව විදුහල පරාජය කරන ලදි.
කණ්ඩායම් දෙකම හොද තත්ත්වයක සිටින නිසා මෙම තරගය ඉතාමත් තියුණු එකක් විය හැකි බවට බොහෝ දෙනා ඉගි පළ කරති. මෙම තරගය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩසටහනක් ක‍්‍රියාත්මක කර ඇතැයි ශ‍්‍රී ලංකා පාසල් රග්බි සංගමය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.