Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතන විදුහල අවසන් මහ තරගයට

ඉසිපතන විදුහල අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි සංගමය, මයිලෝ සමාගමේ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිමළු පිටුදැකීමේ රග්බි තරගාවලියේ (2014) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ අද (06) සමත් වූහ.

කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී ඉසිපතන විදුහල් පිල ලකුණු 39-17 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කළේය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-14 ක් ලෙස විද්‍යා විද්‍යාලය පෙරමුණේ පසු වුවද ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ග‍්‍රහණය වැඩි කරමින් ජයග‍්‍රහණය දක්වා ගමන් කළහ.

ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල තුනකින්, උත්සාහක දිනුම් තුනකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර විද්‍යා විද්‍යාලයට ගෝල දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

ඉසිපතන විදුහලට මෙම තරග වාරයේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් එකතු කළ ඔමල්ක ගුණරත්න මෙම තරගයේදී ද උත්සාහක දිනුම් තුනක් සම්පූර්ණ කිරීම කැපී පෙනුණි. ඊට අමතරව රෙහාන් සිල්වා උත්සාහක දිනුම් දෙකක් සහ ගමිඳු දිසානායක උත්සාහක දිනුමක් ඉසිපතන විදුහලට එකතු කළහ.

චතුර ඩිල්ෂාන් ගෝල ප‍්‍රවර්ථන තුන සහ දඩුවම් පහර සාර්ථක කරමින් ඉසිපතන විදුහලට අතිරේක ලකුණු එකතු කළේය.

චතුර ගෝමස් සහ ඞී. සඳරුවන්, විද්‍යා විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. ප‍්‍රින්ස් සිංහ ගෝල ප‍්‍රවර්ථන දෙක සහ දඩුවම් පහර සාර්ථක කළහ.

 


අදහස් (0)

ඉසිපතන විදුහල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.