Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගමාලාව යටතේ සැප්තැම්බර් මස 2 සහ 3 දිනවල හොංකොං හී පැවැත්වෙන පළමු අදියරේ තරගාවලිය නියෝජනය කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (30 වැනිදා) රාති‍්‍රයේ පිටත්ව යාමට නියමිතය.
කී‍්‍රඩකයන් 12 දෙනකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා මහනුවර කී‍්‍රඩා සමාජයේ සෙන්ටර් කී‍්‍රඩක ධනුෂ්ක රංජන් නම් කොට ඇත. පළමුවරට ජාතික කණ්ඩායමට නායකත්වය දෙන මේ 24 හැවිරිදි කී‍්‍රඩකයා පත් කොට ඇත්තේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයන් වන ෆාසිල් මරිජා සහ සුදර්ශන මුතුතන්තී‍්‍ර ආබාධවලට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටින බැවිනි.
මෙවර තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා පිලට අවුරුදු 20න් පහළ කණ්ඩායමේ නායක කෙවින් ඩික්සන් සහ උපනායක ඕමල්ක ගුණරත්න නම් කොට තිබීම විශේෂත්වයකි. මීට අමතරව අත්දැකීම් ඇති කී‍්‍රඩකයන් වන දිනූෂ චතුරංග, සාලිය හඳපාන්ගොඩ සහ හිරන්ත පෙරේරා යළි කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ආසියානු කාන්තා සත් සාමාජික රග්බි තරගාවලිය ද මීට සමගාමීව පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම ද අද රාතී‍්‍ර පිටත්ව යයි. පළමුවරට රන්දිකා කුමුදුමාලීගේ නායකත්වය යටතේ තරග වදින ශී‍්‍ර ලංකා කාන්තා රග්බි පිලට ප‍්‍රබල කී‍්‍රඩිකාවෝ රැුසක් එක්වී සිටිති.
ශී‍්‍ර ලංකාව මේ වනවිට ආසියානු සත් සාමාජික රග්බි පිටියේ සිවුවැනි ස්ථානය අත්කරගෙන සිටී.
ශී‍්‍ර ලංකා සත් සාමාජික රග්බි (පිරිමි) කණ්ඩායම
ධනුෂ්ක රන්ජන් (නායක), දුලාජ් පෙරේරා, දනුෂ දයාන්, දිනූෂ චතුරංග, ජේසන් දිසානායක, කවිඳු පෙරේරා, හිරන්ත පෙරේරා, සාලිය හඳපාන්ගොඩ, සෂාන් මොහොමඞ්, තරිඳු රත්වත්ත, කෙවින් ඩික්සන්, ඕමල්ක ගුණරත්න.
පුහුණුකරු - මැතිව් ටර්නර්
සහය පුහුණුකරු - රජීව් පෙරේරා
කළමනාකරු - රොහාන් චින්තක
ශී‍්‍ර ලංකා සත් සාමාජික රග්බි (කාන්තා) කණ්ඩායම
රන්දිකා කුමුදුමාලී (නායිකා), සන්දීපා හේමකුමාරී, සංජීවනී විජේතිලක, දසුනි සිල්වා, නිරංජලා වික‍්‍රමසිංහ, අයේෂා පෙරේරා, නදීකා මුණසිංහ, පී. දුලානී, තිළිණි විජේකෝන්, අනූෂා අත්තනායක, අයේෂා කලූආරච්චි, චරිනි ලියනගේ.
පුහුණුකරු - සුදත් සම්පත්
කළමනාකාරිනී - පියුමිකා තිලකවර්ධන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.