Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එකතු කළ අවුරුදු 18 න් පහළ රග්බි කණ්ඩායම චීන තායිපේහී පැවැති අවුරුදු 18න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලානය දිනාගැනීමට සමත්විය. මෙම තරගාවලිය අද (28 වැනිදා) පැවැත්විණ.
සත්කාරක චීන තායිපේ කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 10-5 ක තියුණු ජයක් වාර්තා කරමින් සාන්ත තෝමස් විදුහල් පිලේ ක්‍රීඩක නවීන් හීනකංකානම්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට මේ ඓතිහාසික ජයග්‍රහණය අත්කර ගත්තේය.
ශ්‍රී ලංකා අවුරුදු 20 න් පහළ යොවුන් රග්බි පිල මීට දින කිහිපයකට පෙර හොංකොං හී දී අවුරුදු 20 න් පහළ ආසියානු සත් සාමාජික රග්බි කිරුළ දිනාගැනීමේ උණුසුම පහවී යාමටත් පෙර අවුරුදු 18 න් පහළ කණ්ඩායම ද එම දස්කම පෑම කැපී පෙනෙන සිදුවීමකි.
අවසන් තරගයේදී චමෝද් ප්‍රනාන්දු සහ චතුර සෙනෙවිරත්න ශ්‍රී ලංකා පිල වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. චීන තායිපේ පිලට වාර්තා කිරිමට හැකිවූයේ උත්සාහක දිනුමක් පමණි.
මේ තරගාවලියේ දෙවැනි හා අවසන් දිනය වූ අද උදෑසන මූලික වටයේ සිය සිවුවැනි තරගයේදී පිලිපීනය ලකුණු 19-14 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේ අවසන් තරගයේ දී ලකුණු 19-14 කින් චින තායිපේ පිල පරදවා තරගාවලියේ අපරාජිතභාවය රැක ගැනීමට සමත්විය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.