Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාවේදී පැවැති ‘ජෝහර් සෙවන්ස්’ වයස 20 න් ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (31) සමත් වූහ. දකුණු කොරියාවට අනු ශූරතාව හිමිවිය.
ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ ආසියානු පළමු කොටසේ වයස 20 න් පහළ ශූරතාවක් දිනූ පළමු අවස්ථාව ද මෙය වේ.
ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල ඊයේ පස්වරුවේ පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 38-0 කින් දකුණු කොරියාව පරාජය කළේය. ශ්‍රී ලංකා පිල තරගයේ පළමු අර්ධය අවසන් විට ලකුණු 21-0 කින් පෙරමුණ ගෙන සිටීම කැපී පෙනුණි.
එහිදී ප්‍රියරත්න නානායක්කාර උත්සාහක දිනුම් දෙකක් ද, කෙවින් ඩික්සන්, නිෂෝන් පෙරේරා, ඔමල්ක ගුණරත්න සහ විමුක්ති කුමාරසිංහ උත්සාහක දිනුම බැගින් ද ශ්‍රී ලංකා පිලට එකතු කිරීමට සමත් වූහ. තුවාන් ශම්රි ගෝල ප්‍රවර්ථනයක් සාර්ථක කළේය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ පැවැති අවසන් පූර්ව තරගයේදී මැලේසියාව ලකුණු 29-14 කින් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.
අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක කෙවින් ඩක්සන් උත්සාහක දිනුම් තුනක් ද, නිෂෝන් පෙරේරා සහ රීසා තුවාන් උත්සාහක දිනුම් බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ. ප්‍රියරත්න නානායක්කාර ගෝල ප්‍රවර්ථන දෙකක් සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඊයේ පෙරවරුවේ සහභාගි වූ පළමු වටයේ අවසන් තරගයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යය ලකුණු 45-5 ක් ලෙස පරාජය කළේය.
තරගාවලියේ පළමු දිනය වූ පෙරේදා (30) ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග තුනේදී පිලිපීනය ලකුණු 22-5 කින් සහ තායිලන්තය ලකුණු 31-5 කින් පරාජය කළ අතර ජපානය හමුවේ 14-19 කින් පරාජයට පත්විය.
ප්‍රබල ජපන් කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී දකුණු කොරියාව හමුවේ ලකුණු 19-24 කින් පරාජය වීම නිසා අවසන් මහ තරගයට ඒමේ අවස්ථාව අහිමිවිය.
ජපානය 41-0 කින් මැලේසියාව පරාජය කරමින් තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.