Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාන්ත තෝමස් විදුහලේ ක්‍රීඩක නවීන් හීන්කංකානම්ගේ නායකයත්වයෙන් යුතු ශ්‍රී ලංකා අවුරුදු 18 න් පහළ රග්බි කණ්ඩායම අද රාත්‍රීයේ හොං කොං බලා පිටත්ව යයි. හොං කොං නුවර කිංග්ස් ක්‍රීඩාංගණයේ දී හෙට (22) ආරම්භ වන අවුරුදු 18 න් පහළ ආසියානු පාසල් සත් සාමාජික රග්බි ශූරතාවලියට සහභාගී වීම සඳහා මෙම කණ්ඩායම පිටත්ව යයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස ඉසිපතන රග්බි පිලේ උපනායක සුමුදු රන්කොත්ගේ කටයුතු කරයි.
මයිකල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා රග්බි සංගමයේ තේරීම් කමිටුව පසුගියදා ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත අවසන් සංචිතය තෝරා ගත් අතර ඊට ඉසිපතන සහ ත්‍රිත්ව විදුහල්වලින් ක්‍රීඩකයන් තිදෙනකු බැගින්ද, ගල්කිස්ස සාන්ත තෝමස් සහ මරදාන සාන්ත ජෝශප් විදුහල්වලින් ක්‍රීඩකයක් දෙදෙනකු බැගින්ද, බම්බලපිටිය සාන්ත පීතර සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල්වලින් ක්‍රීඩකයකු බැගින්ද ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම ශූරතාවලියේදී හොං කොං, තායිලන්තය සහ මැලේසියාව වැනි මෑත කාලයේ ශ්‍රී ලංකාව පරාජයට පත් කළ ප්‍රබල කණ්ඩායම් හමුවේ ජයග්‍රහණ අත්පත් කරගැනීම සඳහා තමා ඇතුළු පුහුණුකිරීමේ කාර්ය මණ්ඩලය ක්‍රීඩකයන්ගේ මනස සකස් කරමින් අවශ්‍ය සෑම පියවරක්ම ගත් බව ජාතික රග්බි කණ්ඩායමක පළමුවරට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උදාකරගත් එම්. ජේ. එම. මුෂ්තාක් මහතා කියා සිටියේය.
“ඉතා හොඳ ඉදිරිපෙළ ක්‍රීඩකයන් පිරිසක් සහ මැදපෙළ ක්‍රීඩකයන් පිරිසක් අපිට සිටිනවා”
“සියලුම ක්‍රීඩකයන් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමේ මානසිකත්වයෙනුයි ඉන්නේ. මගේ එකම කණගාටුව අපිට කණ්ඩායමක් හැටියට එකට එකතුවෙලා අවශ්‍යතරම් පුහුණුවක් ලබාගැනීමට වැඩිපුර කාලයක් තිබුණේ නැති එකයි” කී පුහුණුකරු මුස්තාක් මහතා...
“ළමයි හැමෝම 15 සාමාජික පාසල් රග්බි තරගාවලියෙන් පසුවයි අපිට එකතුවුණේ....ඒත් 15 දෙනාගේ තරග රටාවෙන් මිදිලා සත් සාමාජික තරග රටාවට අවතීර්ණවීම ඉතා අසීරුයි. ඒක කොහොම වුණත් මේ දක්ෂතා ඇති ක්‍රීඩකයන් පිරිස උපරිම දස්කම් පෙන්වාවි” යයිද මුෂ්ටාක් මහතා කීවේය.
ශ්‍රී ලංකා 18 න් පහළ කණ්ඩායම
නවීන් හීනකංකානම්ගේ (නායක - ගල්කිස්ස සාන්ත තෝමස්), සුමුදු රන්කොත්ගේ (උපනායක - ඉසිපතන විදුහල), චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන විදුහල), හරිත් බණ්ඩාර (ඉසිපතන විදුහල), දියාත් ප්‍රනාන්දු (සාන්ත පීතර විදුහල බම්බලපිටිය), අවිශ්ක ශේක් (ත්‍රිත්ව විදුහල), දිලුක්ෂ දංගේ -(ත්‍රිත්ව විදුහල), අනුක බෝයගොඩ (ත්‍රිත්ව විදුහල), ක්‍රිස්ටියන් ඩි ලිලී (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල), දිනුක් අමරසිංහ (සාන්ත අන්තෝනි විදුහල), විනුල් ප්‍රනාන්දු- (සාන්ත ජෝශප් විදුහල), චතුර සෙනෙවිරත්න -(සාන්ත ජෝශප් විදුහල)
අතිරේක ක්‍රීඩකයෝ
තීක්ෂණ දසනායක -(සාන්ත පීතර විදුහල බම්බලපිටිය), තරිඳු මධුරංග -(විද්‍යා විද්‍යාලය ගල්කිස්ස), අෂාන් මධුමාධව (විද්‍යා විද්‍යාලය ගල්කිස්ස).
පුහුණුකරු : එම්. ජේ. එම්. මුෂ්ටාක් මහතා
කළමනාකරු : කේ. එස්. පී. කරුණාරත්න මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.