Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ චෙන්නායිහිදී හෙට සහ අනිද්දා (20 සහ 21) පැවැත්වෙන ආසියානු කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට ආරක්‍ෂක හේතූන් මත තරගාවලියට සහභාගි වීම අතහැර දැමීමට සිදුවිය.
ආරක්‍ෂක හේතූන් මත මෙම තරගාවලියට සහභාගි නොවන ලෙස ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට ඉන්දීය රග්බි සංගමය දැනුම්දීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලට තරගාවලිය අතහැර දැමීමට සිදුවිය.
ශ්‍රී ලංකා පිල අද (19) පෙවරුවේ තරගාවලියට පිටත්ව යෑමට නියමිතව තිබුණි. මෙම තරගාවලියට ආසියානු රටවල් 8 ක් සහභාගි වීමට නියමිතව සිටි අතර ශ්‍රී ලංකා පිලට පමණක් මෙම ගැටළුව මතු වී තිබේ.
ශ්‍රී ලංකා කාන්තා පිලට තරගාවලියට සහභාගි වීමට නොහැකි වීම හේතුවෙන් කාන්තා රග්බි ප‍්‍රදර්ශන තරගයක් හැව්ලොක්ස් පිටියේදී හෙට (20) පස්වරු 5.50 ට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ.
තමිල්නාඩු ප‍්‍රාන්ත දේශපාලඥයන් පිරිසක් ශ්‍රී ලංකාවේ පැවැති ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයට මැදිහත්වීම හේතුවෙන් වසර කීපයක සිට ගැටලූකාරී තත්ත්වයක් මතු වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ චෙන්නායිහිදී භික්‍ෂූන් වහන්සේ නමක් ඇතුළු ශ්‍රී ලංකා සංචාරකයන්ද ප‍්‍රහාරයන්ට ලක්වූ අවස්ථා තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන අයි.පී.එල්. තරගාවලියේ චෙන්නායිහිදී පැවැත්වෙන තරගවලට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සහභාගි නොවූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.